චීනය සැමවිටම බහුපාර්ශ්වත්වයේ වෘත්තිකයෙක් මෙන්ම ආරක්ෂකයෙකි
2020-10-07 14:59:38
Share with:

චීනය සැමවිටම බහුපාර්ශ්වත්වයේ වෘත්තිකයෙක් මෙන්ම ආරක්ෂකයෙකි

"ලෝකයේ ගැටලු විශාල වන අතර ගෝලීය අභියෝග වැඩි වෙමින් පවතී. ඒවා විසඳිය හැක්කේ සංවාදයෙන් හා සහයෝගයෙන් පමණි. ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී උපදේශනය හා අන්‍යෝන්‍ය සහයෝගය ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් එකඟතාවයක් බවට පත්ව ඇතැයි " මීට දින කිහිපයකට පෙර පැවති එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සර සමුළුවේදී, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ කථාවක් කරමින් සඳහන් කළේය. අන්තර්ජාතික ප්‍රජාව තුළ පුළුල් ලෙස අනුනාද වූ එම කතාව බහුපාර්ශ්වත්වයේ වර්තමාන ගෝලීය අවදානම් සහ අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීමේ හදිසිභාවය සහ වැදගත්කම ඉස්මතු කරයි.

මෙම වසර ආරම්භයේ සිට හදිසියේම මතුවූ නව කොරොනා වසංගතය මිනිස් සමාජයට දැඩි බලපෑමක් ඇති කර තිබේ. විවිධ රටවල සාමාන්‍ය වාණිජ කටයුතු නතර වූ අතර ලෝක ආර්ථිකය පසුබෑමකට ලක් විය. මූල්‍ය අර්බුදයෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව තුළ පැතිර ඇති ආරක්ෂණවාදී හැඟීම තීව්‍ර වී ඇත. ගෝලීය දුෂ්කරතා හා අභියෝග හමුවේ, වගකිවයුතු ප්‍රධාන රටක් ලෙස චීනය, බහුපාර්ශ්වික සහයෝගීතාව සවිබල ගැන්වීමටත්, දුෂ්කරතාවෙන් මිදීමට ලෝකයට සහාය වීමටත් අඛණ්ඩව කටයුතු කරයි.

වසංගතය පැතිරයාමෙන් පසුව, චීනය හැකි ඉක්මනින් ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙන්ම අදාළ රටවල් සහ වසංගතය පාලනය හා සම්බන්ධ කලාපීය සංවිධානවලට දැනුම් දී, නව කොරොන වෛරස ජාන අනුක්‍රමය සහ වෙනත් තොරතුරු හැකි ඉක්මනින් නිකුත් කර වසංගතය වැළැක්වීම, පාලනය සහ ප්‍රතිකාර අත්දැකීම් බෙදා ගත්තේය. මේ වන විට චීනය රටවල් 32 කට වෛද්‍ය විශේෂඥ කණ්ඩායම් 34 ක් යවා ඇති අතර, රටවල් 150 කට වැඩි ගණනකට සහ ජාත්‍යන්තර සංවිධානවලට වසංගත මර්දන ආධාර කණ්ඩායම් 283 ක් යොමු කර තිබේ. රටවල් සහ කලාප 200 කට වැඩි ගණනකට වසංගත වැළැක්වීමේ ද්‍රව්‍ය අපනයනය කර ඇති චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ අනෙකුත් බහුපාර්ශ්වික සහයෝගීතා යාන්ත්‍රණයන්ට දැඩි ලෙස සහාය දැක්වීය.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ගුටරෙස් මහතා පැවසුවේ ලෝකයට නිශ්චිතභාවයක්, විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ලබා දෙමින් බහුපාර්ශ්වවාදයට වඩාත්ම වැදගත් සහයෝගය චීනය බව කරුණු මගින් ඔප්පු කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට චීනයේ ස්ථිර සහයෝගය සහ බහුපාර්ශ්වත්වය විශේෂයෙන් වටිනා වන්නේ යැයි එක්සත් ජාතීන්ගේ 75 වන මහා මණ්ඩලයේ සභාපති බොස්කර් මහතා පෙන්වා දුන්නේය.

මානව සමාජයේ තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගත හැක්කේ බහුපාර්ශ්වත්වය ආරක්ෂා කිරීම සහ විවෘත සහයෝගීතාවයට අනුගත වීමෙන් පමණි. ජාත්‍යන්තර නීති රීති තදින් පිළිගන්නා චීනය සෑම විටම ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායක වන අයෙකු සහ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කරන්නෙකු ලෙස ක්‍රියා කරමින් සිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන