ගෝලීය දරිද්‍රතාවය අවම කිරීම සඳහා "චීන ආශ්චර්යය" දායක වේ
2020-10-06 17:07:19
Share with:

ගෝලීය දරිද්‍රතාවය අවම කිරීම සඳහා "චීන ආශ්චර්යය" දායක වේ

සිය සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අධිවේගී දුම්රිය මත විශ්වාසය තැබීම හේතුවෙන් මේ වසරේ අප්‍රේල් මාසයේදී චීනයේ අන්හුවෙයි පළාතේ ජින්ෂායි කෝරළය දුප්පත්කමෙන් පීඩා විඳි ප්‍රදේශ ලැයිස්තුවෙන් ඉවත් වීමට සමත් විය. එය චීනයේ දරිද්‍රතාවය අවම කිරීමේ ජයග්‍රහණවල ක්ෂුද්‍ර විභවයක් බවට පත් ව තිබේ.

විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස චීනය විසින් නිර්මාණය කරන ලද "දරිද්‍රතා අවම කිරීමේ ප්‍රාතිහාර්යය" ගෝලීය දරිද්‍රතාවය අවම කිරීම සඳහා විශාල දායකත්වයක් සපයයි. ලෝක දරිද්‍රතා අවම කිරීමේ ජයග්‍රහණයන්ගෙන් 70% කට වඩා චීනයේ දරිද්‍රතාවය අවම කිරීමේ ජයග්‍රහණය දායක වී ඇති බව ලෝක බැංකු දත්ත පෙන්වා දෙයි.

වසර 2012 සිට වසර 2019 අවසානය දක්වා, වසර 7 ක කෙටි කාලයක් තුළ, චීනයේ දරිද්‍රතා ජනගහනය මිලියන 90 කට වඩා අඩුවී ඇති අතර දරිද්‍රතා අනුපාතය 10.2% සිට 0.6% දක්වා පහත වැටී තිබේ. මේ වසරේ දරිද්‍රතාවය පිටුදැකීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමෙන් පසු චීනය, එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ දරිද්‍රතාවය අවම කිරීමේ ඉලක්කය නියමිත කාලයට වසර 10 කට පෙර සාක්ෂාත් කර ගනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් මහතා කියා සිටියේ පසුගිය වසර 10 තුළ ගෝලීය දරිද්‍රතාවය අවම කිරීම සඳහා චීනය විශාලතම දායකත්වය ලබා දී ඇති බවයි.

වර්තමානයේ නව කොරොනා වසංගතය ගෝලීය දරිද්‍රතාවය අවම කිරීමේ ක්‍රියාමාර්ගයන්ට විශාල අභියෝගයක් වී තිබේ. එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ජූලි මාසයේදී නිකුත් කරන ලද “2020 තිරසර සංවර්ධන ඉලක්ක වාර්තාව” මගින් ලොව පුරා මිලියන 71 ක ජනතාවක් මේ වසරේදී දරිද්‍රතාවයට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. මානව සංවර්ධන දර්ශකය වසර 30 කට පසු ප්‍රථම වතාවට පසුබසිනු ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි. “එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන ඉලක්ක සහ චීනයේ දරිද්‍රතාවය අවම කිරීමේ අත්දැකීම්” යන මාතෘකාව යටතේ මෑතකදී පැවති මාර්ගගත සම්මන්ත්‍රණයේදී සියලුම පාර්ශවයන් කියා සිටියේ, චීනයේ දරිද්‍රතාවය අවම කිරීමේ අත්දැකීම් ඉගෙනීම මහත් වටිනාකමකින් යුක්ත බවයි .

නව චීනය පිහිටු වූ දා සිට, විශේෂයෙන් ම ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පසුව, චීනයේ වේගවත් ආර්ථික සංවර්ධනය මිලියන 850 ක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ඇති අතර, විශාලතම පරිමාණයෙන්, දීර්ඝතම කාල පරිච්ඡේදයෙන් සහ මානව ඉතිහාසයේ විශාලතම ජනගහනයෙන් දරිද්‍රතාවය අවම කිරීමේ ප්‍රාතිහාර්යයක් නිර්මාණය කර තිබේ.‍ ලෝකයට දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්කය කරා ගමන් කළ හැක්කේ වැඩි උත්සාහයක් යෙදීමෙන් පමණි. ගෝලීය දරිද්‍රතාවය අවම කිරීමට දායක වීම සඳහා චීනය සිය සංවර්ධනය හා ජාත්‍යන්තර සහයෝගිතාවයේ ගැඹුරු සහභාගීත්වය දිගටම භාවිතා කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන