චීන ආර්ථිකය සඳහා අලුත් සංවර්ධන ජීවයක්
2020-10-04 16:02:00
Share with:

චීන ආර්ථිකය සඳහා අලුත් සංවර්ධන ජීවයක්

පහළොස් දහසකට අධික ය. එය චීනයේදී සතිපතා ම බිහි කෙරෙන පස් වැනි පරම්පරාවේ සන්නිවේදන පාදක පොළ සංඛ්‍යාව යි. චීන අන්තර් ජාල තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙම වසර අග වන විට, සමස්ත චීනයේ මෙවැනි පාදක පොළ ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් ඉදි කර භාවිතයට යොමු කිරීමට නියමිතව තිබේ. 5G පාදක පොළ සංවර්ධනය අලුත් ආකාරයේ යටිතල පහසුකම් සවංර්ධන අංශයක් ලෙස හැඳින්විය හැකිය.

අලුත් යටිතල පහසුකම් සංවර්ධනය, යනු තාක්ෂණ සඳහා වූ යටිතල පහසුකම් සංවර්ධනය යි. එමගින් සන්නිවේදන, විදුලි බල, ප්‍රවාහන, ඩිජිටල් යනාදී සමාජ ජීවිතයට සම්බන්ධ කර්මාන්ත කිහිපයක් ආවරණය කෙරේ. අලුත් යටිතල පහසුකම් සංවර්ධනය, තොරතුරුකරණ මෙන්ම බුද්ධිකරණ යුගයකට ප්‍රවේශ වී සිටින චීන ආර්ථිකය වෙනුවෙන් පදනම් නිර්මාණය කිරීමකි. එමගින් චීන ආර්ථිකය අධි ගුණාත්මකභාවයෙන් සංවර්ධනය කිරීමට චාලක ශක්තිය සපයයි.

වර්තමාන චීන ආර්ථිකය මනාව සංවර්ධනය වෙමින් පවතී. එහෙත් ව්‍යුහාත්මක වශයෙනුත්, ආයතනික වශයෙනුත්, චක්‍රීය වශයෙනුත් පවතින ප්‍රශ්න වලින් මතු වන අසීරුතාවයන් මෙන්ම අභියෝගයන් ද ඇත.

එපමණක් නොව, නව ‍කොරොනා වසංගත හේතුවෙන් බාහිර පරිසරය සංකීර්ණ බවට පත් වෙමින් තිබේ. ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදය පුළුල් කෙරෙමින් ලෝක ආර්ථිකය පහළ මට්ටමකට වැටී, ආර්ථික නොවන සාධකයන් හමුවේ ගෝලීය කර්මාන්ත දාමයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කෙරේ. චීන ආර්ථිකය සඳහා අලුත් සංවර්ධන ජීවයක් සොයා ගැනීම සංවර්ධනයට නම් ප්‍රමුඛතාවයකි.

ඩිජිටල් ආර්ථිකය විසින් නියෝජනය කරන ලද අලුත් ආර්ථිකය වසංගත සමයේ ප්‍රබල ශක්තියක් මෙන්ම ස්ථීරභාවයක් ද පෙන්නුම් කර ඇත. අන්තර් ජාලය ඇතුළු ඩිජිටල් තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින්, විවිධාකාර මාර්ගගත සේවාවන් වේගයෙන් වර්ධනය වී තිබේ. මාර්ගගත රාජ්‍ය සේවා වේදිකා, අන්තර් ජාල අධ්‍යාපන, විනෝදාස්වාද, දුරස්ථ වෛද්‍ය සේවා අවශ්‍යතා පුළුල් කර සිටී. මෙවැනි වාතාවරණයක් පශ්චාත් වසංගත යුගයේ තවදුරටත් පවතිනු ඇතැයි, අනාවැකි පළ කළ හැකි ය. එමගින් චීනය සම්පූර්ණ ඩිජිටල් ආර්ථික යුගයට ප්‍රවේශ වී, ආර්ථික සංවර්ධනයට අලුත් අවස්ථා නිර්මාණය කළ හැකි බව විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන