චීන මෙහෙයුම, ගෝලීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කර ගැනීමට තීරණාත්මක බලයක්
2020-10-02 16:47:02
Share with:

ස්ත්‍රී කාර්ය මණ්ඩලය, නව කොරොනා වසංගතය මර්දනය කිරීමේ දැඩි අවස්ථා වලදී අනතුරුදායක අභියෝග නොසලකමින් දිවා රෑ නොබලා ලබා දුන් දායකත්වය චීන ජනපතිවරයාගේ ඉහළ ඇගයීමට ලක් වේ. චීනයේ උත්තරීතර නායක ෂී ජින් පිං මහතා ඊයේ පැවති, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ බෙයිජිං ලෝක කාන්තා සම්මේලනය පැවැත්වීමේ 25 වැනි සංවත්සරය සඳහා වූ ඉහළ පෙළේ සමුළුවට එක් වෙමින්, මේ බව ප්‍රකාශ කළේය. ගෝලීය කාන්තා ව්‍යායාම සංවර්ධනය වෙනුවෙන් යෝජනා හතරක් ඉදිරිපත් කර එළඹෙන වසර 4 තුළ චීනය ගෝලීය කාන්තා ව්‍යායාම සඳහා ලබා දෙන සහය ප්‍රායෝගික ව පුළුල් කරනු ඇති බවට ද හෙතෙම එම අවස්ථාවේදී ප්‍රතිඥා දුන්නේය. විශේෂයෙන් ම හෙතෙම අවධාරණය කර ඇත්තේ ‍නව කොරොනා වසංගතය මැඩපවත්වා ආර්ථික හා සමාජ පුනරුත්ථාපනය කරලීමේදී කාන්තා පිරිස පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවයි. ඒ සඳහා චීන ජනාධිපතිවරයා යෝජනා හතරක් ඉදිරිපත් කළේය. වසංගතයෙන් ඇති වූ බලපෑම් තුළින් මිදීමට සහය ලබා දීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම, කාන්තාවන් යුගයේ ඉදිරි පෙළ පෙනී සිටීම සඳහා දායක කර ගැනීම සහ ගෝලීය කාන්තා ව්‍යායාම සහයෝගීතාව ශක්තිමත් කරලීම යන අදහස් ඊට ඇතුළත්ය.

පෙර නොවූ විරූ නව කොරොනා වසංගතය හමු වේ, ජගත් ප්‍රජාව අත්වැල් බැඳගෙන අභියෝග අභිබවා යමින්, කාන්තාවන්ට වෙනස් කොට සැලකීමෙන් තොර ‍ලෝකයක් මෙන්ම, ඉවසීමෙන් සපිරි සංවර්ධන සමාජයක් ද බිහි කළ යුතු බව සඳහන් කෙරේ. මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගෙන යා හැක්කේ එමගිනි. තිරසර සමාජ සංවර්ධනයට ළඟා කර ගත හැක්කේ ද එමගිනි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන