චීන අත්දැකීම් ගෝලීය ජෛව ආරක්ෂාවට ධනාත්මක ශක්තියක්
2020-10-01 19:37:49
Share with:

එකම හදවතෙන් සමගිව ක්‍රියා කර සංවර්ධනය මධ්‍යයේ ආරක්ෂා කළ යුතු අතර ආරක්ෂාව මධ්‍යයේ සංවර්ධනය කළ යුතු යැයි ද විශ්ව සුහද ගෙදර පොදුවේ බිහි කළ යුතු යැයි ද සඳහන් කරමින් ඊයේ (30) පැවති එක්සත් ජාතීන්ගේ ජෛව බහුත්ව සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ මාර්ගයෙන් දේශනයක් සිදු කළේ ය. මහ රටක් වන චීනයේ වගකීම එමගින් පිළිබිඹු වන අතර ගොලීය ජෛව ශිෂ්ටාචාර සංවර්ධනයට ජීවයක් ඇති කර තිබේ. ජගත් ප්‍රජාව ඒ ගැන ඉහළ ප්‍රශංසාවක් දක්වති.

වර්තමාන වාතාවරණය හමු වේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර පද්ධතිය තරයේ රැක ගෙන ජාත්‍යන්තර නියමයන්හී සුරක්ෂිතබව තහවුරු කිරීම, ගෝලීය පරිසර පරිපාලන හැකියාව ඉහළ නංවාලීමට ඉතා වැදගත් බව සඳහන් කෙරේ. සමගියෙන් ඊට දායක විය යුතු අතර වෙනස් ආකාරයෙන් වගකීම භාර ගත යුතු යැයි ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාග්ධන, තාක්ෂණ, නිපුණතා සංවර්ධනය යනාදී සැලකිලි කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. එය ගෝලීය ජෛව පරිසර පරිපාලනයේදී පවතින කෙන්ද්‍රීය ගැටළුවක් අනාවරණය කිරීමකි.

හරිත සංවර්ධනයට අවධානය යොමු කරමින් ජෛව ශිෂ්ටාචාර සංවර්ධනය කරමින් සිටින චීනය, බහුපාර්ශ්වවාදය අඛණ්ඩව අනුගමනය කරමින් සංවර්ධන තත්ත්වය හා ගැලපෙන ජාත්‍යන්තර වගකීම භාර ගෙන පෘථිවි පවුල වෙනුවෙනුත් මානව ජාතියේ තිරසර සංවර්ධනය වෙනුවෙනුත් හැකි තරම් කැපවීමක් සිදු කිරීමට අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන