ඇමරිකානු දේශපාලනඥයන් චීන ව්‍යවසායයන්ට එරෙහිව එල්ල කරන නීත්‍යනුකූල නොවන පීඩා, පොදු පිළි ගැනීමට ලක් නොවන බව අවධාරණය කෙරේ
2020-09-29 11:02:46
Share with:

ඇමරිකානු දේශපාලනඥයන් විසින් එරට සිටින චීන ව්‍යවසායයන්ට එරෙහිව එල්ල කරන නීත්‍යනුකූල නොවන පීඩා, පොදු පිළි ගැනීමට ලක් නොවන බව අවධාරණය කෙරේ.

එරට නැගෙනහිර වේලාවෙන් පසුගිය 27වැනි දා රාත්‍රියේ, එනම්, ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් නියම කරනු ලැබූ TikTok යෙදුම් ඉවත් කිරීමේ වේලාවට පැය 4කට පෙර, Washington D.C.ෆෙඩරල් අධිකරණයේ විනිසුරුවරයෙකු වන Carl J Nichols තීන්දුවකට අත්සන් තබමින්, වලංගු වීමට නියමිත TikTok යෙදුම් තහනම් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීය. එහෙත්, විධායක නියෝගයේ සඳහන් ලබන නොවැම්බර් මස 12වැනි දා සිට ඇමරිකානු අන්තර්ජාල සේවා සපයන්නන් TikTok යෙදුම් වෙනුවෙන් සේවා සැපයීම තහනම් කිරීමේ රෙගුලාසිය තවමත් පවතී. TikTok යෙදුම් භාවිතය තාවකාලික ව යහපත් අතට හැරී තිබුණද ඇමරිකානු පාර්ශ්වය සමග තවමත් සටන් කිරීමට සිදු වන බව එමගින් පිළිබිඹු වෙයි.

මීට පෙර, ඇමරිකානු රජය Wechat යෙදුම ට එරෙහි පැනවූ තහනම් නියෝගය එරට Northern California ෆෙඩරල් අධිකරණය විසින් හදිසියෙන් ම නතර කරනු ලැබීය. ඇමරිකානු ෆෙඩරල් අධිකරණය එරට දේශපාලනඥයන් විසින් චීන තාක්ෂණික ව්‍යවසායයන්ට පීඩා කරන විධායක නියෝග ප්‍රතික්ෂේප කළ තවත් උදාහරණයක් වන්නේ මෙවර TikTok යෙදුම් තහනම් නියෝගය අත්හිටුවීම ය. ඇමරිකානු රජය චීන තාක්ෂණික ව්‍යවසායයන්ට එරෙහිව දැඩි සීමා එල්ල කිරීමට නීතිමය පදනමක් සම්පූර්ණයෙන් ම නොමැති බව එමගින් යළි සනාථ වී ඇත.

කටුක අවධියක් ගත කර, අඛණ්ඩ ව අනාගතය උදෙසා ගමන් කරන විශාල රටක් වන චීනය, ඕනෑ ම තර්ජනයකට හෝ බියකට හෝ යටත් නොවන බව ඇමරිකාව පැහැදිලි ලෙස අවබෝධ කර ගත යුතු ය. චීනය සියලු ම අත්‍යවශ්‍ය පියවර අනිවාර්යයෙන් ම යොදා ගනිමින් සිය ව්‍යවසායයන් හී නීත්‍යනුකූල අයිතිවාසිකම් තරයේ ම ආරක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන