ඇමරිකානු දේශපාලනඥයන්ට වැරදුණු සෙල්ලම
2020-09-29 20:34:15
Share with:

ඇමරිකානු දේශපාලනඥයන්ට වැරදුණු සෙල්ලම

ඇමරිකාව චීනය සමග විද්‍යා තාක්ෂණික වශයෙන් තරග කළහොත් පරාජයට පත් වන්නේ ඇමරිකාව යැයි පසුගිය දා බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත ලිපියක් පළ කරමින් කියා සිටියේ ය. කෙටිකාලීනව හෝ දිගුකාලීනව හෝ බලන විට චීන විද්‍යා තාක්ෂණ ව්‍යවසායන්ට පහර දීමෙන් ඇමරිකාවට ඇති වන්නේ හානියක් මිස වාසියක් නොවන බව එම ලිපිය පෙන්වා දෙයි. චීනයේ හුවා වෙයි සමාගම මෙන් ම TikTok සහ Wechat යෙදවුම් ද වාරණය කිරීම සඳහා මේ වන විට ඇමරිකානු රජය අඛණ්ඩව උපක්‍රම යොදාගෙන තිබේ. එහෙත් ඇමරිකානු රජය එසේ කටයුතු කරද්දී සෙසු රටවලට පැහැදිලි සංඥාවක් නිකුත් වී ඇත.

TikTok විසින් සිය පරිශීලකයින්ගේ දත්ත චීන රජයට ලබා දුන් බවට කිසිදු සාක්ෂියක් සොයාගෙන නැතැයි බ්‍රිතාන්‍යයේ The Guardian පුවත්පත පසුගිය දා ලිපියක් පළ කරමින් පවසා තිබේ. ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවය ඒ බව ඔප්පු කර ඇත. විදේශ සමාගමක් වන TikTok කෙරෙහි තිබෙන අවිශ්වාසය හේතුවෙන් ඇමරිකානු රජය TikTokට එරෙහි ව බොරු ‍චෝදනා නගා තිබේ. මෙවන් ක්‍රියාකලාපය මගින් ඇමරිකානු රජය තමන් විශ්වාස නොකරන ඕනෑම විදේශ සමාගමකට එරෙහිව බොරු චෝදනා නගමින් ඊට පහර දීමේ ඉඩක් පවතින බව The Guardian පුවත්පත පෙන්වා දෙයි. එබැවින් චීන ව්‍යවසායන් පමණක් නොව වෙනත් රටවල ව්‍යවසායන් ද ඇමරිකාවේ ආ‍යෝජනය කිරීමේ විශ්වාසය බිඳ වැටෙනු ඇත. ඇමරිකාවේ වෙළඳපොලට දේශපාලනය බරපතල ලෙස බලපාන අතර එහි ආයෝජනය කිරීම සුදුසු නොවන බව, ඇමරිකානු රජය චීන ව්‍යවසායන්ට පහර දීම තුළින් සෙසු රටවලට සංඥාවක් නිකුත් වී තිබේ. ‍ මෙය, ඇමරිකානු දේශපාලනඥයන් විසින් නිර්මාණය කරන ලද අනුවණ සෙල්ලමක් නොවේ ද.. ?

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන