ඇමරිකාව TikTok කුමණ්ත්‍රණය පරාජය වන ලකුණු
2020-09-27 11:04:28
Share with:

ඇමරිකාව TikTok සම්බන්ධයෙන් සිදුකළ කුමණ්ත්‍රණය පරාජය වනු ඇතැයි විශ්වාස කෙරේ.

පසුගිය දා එළි දැක්වුණු මාධ්‍ය වාර්තාවකට අනුව, TikTok මව් සමාගම ලෙස චීනයේ Byte Dance සමාගම ඇමරිකාවේ Oracle, සහ Wal-Mart යන සමාගම් දෙක සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණ ඇත. එහෙත් ඇමරිකාව විසින් හෙළි කරන ලද තොරතුරු වලට අනුව අදාළ ගිවිසුම අසාධාරණ ගිවිසුමකි.එය වාණිජ සහයෝගිතා නමින් ක්‍රියාත්මක කරන ලද බලය පැතිරවීමක් බව එම ගිවිසුමේ කරුණු වලින් පැහැදිලිව පිළිබිඹු වේ. සාධාරණ තරඟයකින් ජය ගත නොහැකි වුවහොත් වෙන රටක් සතු දේපළ බලහත්කාරයෙන් අල්ලා ගත යුතු බවට එම ගිවිසුම අත්සන් තැබීමෙන් පසු ඇතැම් ඇමරිකානු දෙශ්පාලඥයන් සිදුකළ ප්‍රකාශ වලින් පැහැදිලිව දැකිය හැකිය. චීන ව්‍යවසායන්ට එම අසාධරණ ගිවිසුම පිළි ගත නොහැකිය. චීනය ඊට අවශ්‍ය ප්‍රතිපියවර යොදා ගෙන තිබේ.

ඇමරිකාව සිදු කළ ක්‍රියාවන් ජගත් ප්‍රජාවට අමුතු දේවල් නොවේ. පසුගිය සියවසේ 80 වන දශකයේ සිට අර්ධ සන්නායක කර්මාන්තයේ ප්‍රමුඛ ස්ථානයක පැවති ජපාන Toshiba සමාගම,ප්‍රංශයේ නිෂ්පාදන කර්මාන්තයේ නියෝජිත ව්‍යවසායක් වන Alston සමාගම ,චීන හූආ වෙයි සමාගම, TikTok සමාගම ඇතුළු විවිධ සමාගම් වලට එරෙහිව ඇමරිකාව සම්බාධක පණවා තිබේ. ඊට හේතු වන්නේ ඇමරිකාවේ ආර්ථීක,තාක්ෂණ ක්ෂේත්‍ර වල තිබෙන පුර්ණ ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමයි.ඇමරිකාව TikTok වැනි සමාගම් වලට එල්ල කළ ප්‍රහාරය, සැබැවින් ම ඇතැම් ක්ෂේත්‍ර වල ප්‍රමුඛ ස්ථානය ලැබූ විදේශ සමාගම් කෙරෙහි ආර්ථීක ආධිපත්‍ය පැතිරවීමයි. එහෙත් වර්තමාන ලෝකය අන්‍යෝන්‍ය අදහස් හුවමාරු කිරීම හා එකිනෙකා අතර සම්බන්ධීකරණ ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටියි. කිසිම රටකට ඒකාධිකාරී සංවර්ධන අයිතිය ලබා ගත නොහැකිය. චීනය ජාතිකාරක්ෂාව,ගරුත්වය සහ සිය ව්‍යවසායන්ගේ ඉදිරි සංවර්ධනයට හානි විය හැකි කිසිදු ගිවිසුමක් පිළි නොගනු ඇත. එය සිය ලාභය ස්ථිර ලෙස සුරක්ෂිත කිරීමක් පමණක් නොවේ. ඇමරිකාවේ ආර්ථීක පීඩාවන්ට ලක් වූ වෙනත් රටවල් හා සමාගම් වල අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ද චීනය ක්‍රියාත්මක වෙයි. ඇමරිකාවේ කුමණ්ත්‍රණය පරාජය වනු ඇතැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන