ෂින්ජියං ස්වයාත්තයේ දිගුකාලීන ස්ථාවරත්වය හේතුවෙන් ඇමරිකානු දේශපාලනඥයින් “චීනය පාලනය කිරීම සඳහා ෂින්ජියං ස්වයාත්තය භාවිත කිරීමට” උත්සාහ කිරීමෙන් කිසිදු ඵලක් නොවීය
2020-09-27 19:44:18
Share with:

ෂින්ජියං ස්වයාත්තයේ දිගුකාලීන ස්ථාවරත්වය හේතුවෙන් ඇමරිකානු දේශපාලනඥයින් “චීනය පාලනය කිරීම සඳහා ෂින්ජියං ස්වයාත්තය භාවිත කිරීමට” උත්සාහ කිරීමෙන් කිසිදු ඵලක් නොවීය

මෑතකදී පැවති තුන්වන චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ෂින්ජියං ස්වයාත්තයේ වැඩ සංසදයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් දේශනයක් සිදු ක‍ළේ ය. 2014 දෙවන මධ්‍යම ෂින්ජියං වැඩ සංසදයේ සිට ෂින්ජියං ස්වයාත්තයේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ ජයග්‍රහණ විස්තරාත්මකව සාරාංශ කොට චීනයේ නව යුගය හෙතෙම ගැඹුරින් පැහැදිලි කළේය. ෂින්ජියං ස්වයාත්තය පාලනය කිරීම සඳහා පාලක පක්ෂයේ උපායමාර්ගය විසින් ෂින්ජියං ස්වයාත්තයේ සමාජ ස්ථාවරත්වය සහ දිගුකාලීන ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා පුළුල් විධිවිධාන යොදා ඇත. ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ කථාව ෂින්ජියන් හි අනාගත සංවර්ධනය සඳහා දිශාව පෙන්වා දුන්නා පමණක් නොව, වඩා හොඳ ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රාදේශීය ජනතාවගේ විශ්වාසය බෙහෙවින් ඉහළ නැංවීය.එමෙන්ම ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ ඊනියා “ෂින්ජියං විසින් චීනය පාලනය කිරීම” උපාය නිෂ්ඵල වනු ඇති බව ලෝකයට පෙන්වා දුන්නේය.

දෘෂ්ටිවාදාත්මක අගතියෙන් හා දේශීය මැතිවරණ පීඩනයෙන් ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් “මානව හිමිකම්”මුවාවෙන් ෂින්ජියං ස්වයාත්තය සම්බන්ධ සියලු ආකාරයේ බොරු කීම, ෂින්ජියං ස්වයාත්තය පාලනය කිරීමේ චීනයේ උපාය මාර්ගයට අපහාස කිරීම, චීන ජනවාර්ගික සබඳතා අවුලුවාලීම සහ ෂින්ජියන්හී සංවර්ධන ජයග්‍රහණ විකෘති කිරීම ලෝකයා දැක තිබේ. ෂින්ජියන්හි සංවර්ධනයේ තත්වය කුමක්ද? ජනාධිපති ෂී ජින්පිං මහතා සිය කතාවේදී ආර්ථික සංවර්ධනය, ජනතාවගේ ජීවනෝපාය, දරිද්‍රතාවය පිටුදැකීම සහ ෂින්ජියන් ස්වයාත්තය‍ට ආධාර දීම යන අංශ හතරෙන් සවිස්තරාත්මක සමාලෝචනයක් සඳහා සවිස්තර දත්ත භාවිත කළේය.

ප්‍රචණ්ඩත්වයෙන් හා ත්‍රස්තවාදයෙන් පීඩා විඳි කලාපයක් ලෙස, සින්ජියන් ස්වයාත්තයේ දිගුකාලීන ස්ථාවරත්වය එහි සංවර්ධනය සඳහා මූලික අවශ්‍යතාවය වේ. චීනයේ පාලක පක්ෂයේ ෂින්ජියන් පාලනය කිරීමේ උපාය මාර්ගයට ස්තූතිවන්තවන්ට ෂින්ජියන් ස්වයාත්තයේ අඛණ්ඩව වසර තුනකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ප්‍රචණ්ඩ ත්‍රස්තවාදී සිදුවීම් සිදුවී නොමැති අතර ජනතාව “ස්ථාවර ලාභාංශ” සම්පූර්ණයෙන්ම භුක්ති වින්දීමට සමත් විය. සමාජ ස්ථායිතාව සහ දිගුකාලීන ස්ථාවරත්වය ලුහුබැඳීම වැළැක්වීමට කිසිදු බලවේගයකට නොහැකිය. සමෘද්ධිමත්, ස්ථාවර හා සමෘද්ධිමත් සින්ජියන් ස්වයාත්තය යනු ලෝකය දකින සත්‍යයයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන