ටික්ටොක් දඩයම, ඇමරිකානු හිරිහැර සහ කොල්ලකරුවන්ගේ තර්ජන ඉස්මතු කරයි
2020-09-26 15:29:31
Share with:

ටික්ටොක් දඩයම, ඇමරිකානු හිරිහැර සහ කොල්ලකරුවන්ගේ තර්ජන ඉස්මතු කරයි

මේ වසර තුළ ඇමරිකාව ටික්ටොක් මත දිගින් දිගටම පීඩනය වැඩි කර තිබේ. විශේෂයෙන් මේ වසරේ ජූලි මාසයේ සිට ඇමරිකා රජය විසින් “ජාතික ආරක්ෂාව” ඉස්මතු කර ටික්ටොක්හි ඇමරිකාවේ ව්‍යාපාර කටයුතු වලට තහනම් නියෝග පනවමින් එ‍රට සමාගමකට විකිණීමට ටික්ටොක්හි මව් සමාගම වන බයිටෙන්ඩන්ස් වෙත සෘජුවම බල කරන ලදී. ව්‍යවසායක් "වට කර දඩයම් කිරීමට" රටේ බලය අනිසි ලෙස භාවිත කිරීම සහ බයිට්ඩෑන්ස් යටත් කිරීමට බල කිරීම සඳහා අසමාන්‍ය ලෙස බලය භාවිත කිරීමින් සිදු කරන ඇමරිකානු ආණ්ඩුවේ හිරිහැර කිරීම නැවතී නැත.

නිර්මාණාත්මක කෙටි වීඩියෝ සමාජ මෘදුකාංගයක් ලෙස ටික්ටොක් මහජනතාවගේ දැඩි ආදරය දිනා ගෙන ඇත.ඇමරිකාවේ මිලියන සිය ගණනක් ක්‍රියාකාරී පරිශීලකයින් සිටින අතර එහි මූලික ඇල්ගොරිතම සමඟ අද්විතීය තරඟකාරී වාසියක් ස්ථාපිත කර ඇත. එබැවින් ටික්ටොක් විශාල වාණිජමය වටිනාකමක් ඇති අතර සිලිකන් නිම්නයේ ඒකාධිකාරයේ සහ ඇමරිකානු තාක්‍ෂණික ආධිපත්‍යයේ “ඇසට නියපොතු”ඇනීමක් බවට පත්ව ඇත. "ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම" යන න්‍යාය සැකසීම නිදහසට කරුණකි. සැබෑ සාක්ෂි නොමැත. ධනය හා අවශ්‍යතා අත්පත් කර ගැනීම සඳහා නිරපේක්ෂ පාලනය අල්ලා ගැනීම සහ ටික්ටොක් ප්‍රභව කේත සහ මූලික ඇල්ගොරිතම ලබා ගැනීම ඇමරිකාවේ සැබෑ අරමුණයි.

ඇමරිකාව සැමවිටම වෙළඳපල ආර්ථිකයක් සහ සාධාරණ තරඟයක් ප්‍රචාරය කර ඇත. කෙසේ වෙතත්, මෙම ටික්ටොක් සිද්ධියේදී, දේශපාලනය හා කෑදරකම විසින් මෙහෙයවන ලද ඇමරිකාව “බලහත්කාරයෙන් ගනුදෙනු කිරීම” සඳහා “ජාතික ආරක්ෂාව” භාවිතා කළ අතර වාණිජ නිදහසට බාධා කිරීමට රාජ්‍ය බලය භාවිතා කළේය.

ආධිපත්‍යය කිසි විටෙකත් ජනප්‍රිය නොවන අතර ශුන්‍ය එකතුව සිතීම යල්පැන ගොස් ඇත. අද දක්වා ගෝලීයකරණයේ දියුණුවත් සමඟ, එකම බෝට්ටුවක සිටින මනුෂ්‍ය වර්ගයා පොදු ඉරණමක ප්‍රජාවක් ගොඩනැගීම සඳහා රටවල් සමීපව සම්බන්ධ වී ඒකාබද්ධ සංවර්ධනයේ අපේක්ෂාව වෙත අන් කවරදාටත් වඩා ශක්තිමත් ව බැඳී සිටී.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන