එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය “ප්‍රදර්ශන භූමියක්” ලෙස භාවිත කරන ඇමරිකා දේශපාලනඥයෝ බහුපාර්ශ්වවාදය නිර්දය ලෙස වලක්වති
2020-09-24 19:36:51
Share with:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය “ප්‍රදර්ශන භූමියක්” ලෙස භාවිත කරන ඇමරිකා දේශපාලනඥයෝ බහුපාර්ශ්වවාදය නිර්දය ලෙස වලක්වති

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේ පැවති පොදු විවාදයේදී ඇමරිකානු නායකයා නව කොරොනා වෛරසය “චීන වෛරසයක්” ලෙස හැඳින්වීම බාහිර චේතනාවන් යුතුව සිදු කළ අතර චීනය ඒ සම්බන්ධයෙන් “වගකීම භාර ගත යුතුයි”යනුවෙන් තර්ජනය කළේය. ඒ අතරම, ඔහු වසංගතයට එරෙහි ඇමරිකා සටනේ ඊනියා ඵලදායීතාවය ගැන පුරසාරම් දොඩවන අතර ඔහු එම කථාව සිදු කළ දිනයේ ඇමරිකාවේ මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ඇති ඛේදනීය කාරණය නොසලකා හැර ඇත. එතරම් විශාල උත්ප්‍රාසය! පූර්ණ දෘෂ්ටි කෝණයෙන් බලන කල, ඇමරිකා දේශපාලනඥයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ බහුපාර්ශ්ව වේදිකාව පුද්ගලික වාසි තකා “ප්‍රදර්ශන භූමියක්” ලෙස භාවිත කළ අතර,බහුපාර්ශ්වවාදයට දොස් පවරා, පහර දී අපකීර්තියට පත් කිරීම සඳහා ක්‍රියා කිරීම දේශපාලන විහිළුවක් විය. එක්සත් ජාතීන්ගේ ප්‍රතිප්තියේ මූලධර්මයන්ට අපකීර්තිය හා විශාල විනාශයක් ගෙන දෙන එම ක්‍රියාව ගෝලීය මහජන කෝපය ඇවිස්සීමට හේතු වී තිබේ.

මෙම වසර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන සංවත්සරය සමරන‍ මොහොතේ නව කොරොනා වසංගතයෙන් ලෝකය දැඩි බලපෑමකට මුහුණ දී සිටී. මෙම වැදගත් අවස්ථාවෙහිදී, සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීම සහ දුෂ්කරතා එකට ජය ගැනීම ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වීය අපේක්ෂාව සහ හදිසි ඉල්ලුමයි. කෙසේ වෙතත්, ලෝකයේ එකම සුපිරි බලවතාගේ නායකයා ලෙස පෙනී සිටින ඔහු අද ලෝකය මුහුණ දෙන දැඩි අභියෝග නොසලකා හරිමින්, වෙනත් රටවලට බොරු කීම, ජාත්‍යන්තර ගැටුම් අවුලුවාලීම සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී අත්තනෝමතික ලෙස “දේශපාලන වෛරස්” පැතිරවීම මූලික රාජ්‍යතාන්ත්‍රික භාවිතයන් සහ ආචාර ධර්ම උල්ලංඝනය කරනවා පමණක් නොව, ඇමරිකාවේ ඒකපාර්ශ්විකත්වය සහ ආධිපත්‍යය නිරුවතින් නිරූපණය කරයි.

වර්ධනය වන සාක්ෂිවලින් පෙන්නුම් කරන්නේ ධවල මන්දිරයේ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇමරිකාවේ නව කොරොනා වසංගතයෙන් තහවුරු වූ ආසාදන සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව පිළිබඳ ඛේදවාචකයට වගකීමට සූදානම් නැති බවයි. ඇමරිකාවේ "ටයිම්" සඟරාව මෑතකදී ලිපියක් පළ කරමින් පැවසුවේ කොරොනා වසංගතය ඇමරිකාව දුර්වල කර ඇමරිකානු පද්ධතිමය බෙදීම හෙළිදරව් කර ඇති බවයි.

බොරුවට සත්‍යය ආදේශ කළ නොහැක. ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ ලෝකයේ වෙනත් රටවලට තොරතුරු වාර්තා කර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සිට ඇමරිකාව ඇතුළු බොහෝ රටවලට ක්‍රියාකාරීව ආධාර සැපයීම දක්වා, වසංගතයට එරෙහි ගෝලීය අරගලයට චීනයේ ලබා දෙන වැදගත් දායකත්වය ලෝකය පැහැදිලිවම දැක ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව එය බොහෝ කලක් පුරා හඳුනාගෙන තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන