“චීන බලය” යනු බහුපාර්ශ්වවාදය ට ප්‍රබල ආධාරකයකි
2020-09-23 19:00:09
Share with:

“චීන බලය” යනු බහුපාර්ශ්වවාදය ට ප්‍රබල ආධාරකයකි

මීට වසර 75 කට පෙර චීනය ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජය ගැනීම සඳහා ඓතිහාසික දායකත්වයක් ලබා දුන් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට සහාය විය. අද වන විට එම වගකීම දරමින් චීනය ජාත්‍යන්තර වසංගත විරෝධී සහයෝගීතාවයට ක්‍රියාකාරීව සහභාගී වන අතර ගෝලීය මහජන සෞඛ්‍ය සුරක්‍ෂිතතාව පවත්වා ගැනීමට දායක වේ. ඊයේ (22 ) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පොදු විවාදයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් කතාවක් කරමින්, නව කොරොනා වසංගතය වැනි ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමේ චීනයේ දැඩි අධිෂ්ඨානය ප්‍රකාශ කළේය.

මෙම කතාවේදී චීන ජනාධිපතිවරයා වසංගත වැළැක්වීම සහ පාලනය සඳහා යෝජනා හතරක් ඉදිරිපත් කළ අතර, කරුණු හතරක් සාරාංශ ගත කළේය. චීනය සාමකාමී සංවර්ධනයක්, විවෘත සංවර්ධනයක් සහ හවුල් සංවර්ධනයක් අනුගමනය කරන බව අවධාරණය කරමින් ෂී ජින්පිං මහතා එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා පියවර හතරක් ප්‍රකාශයට පත් කළේය. මෙම ප්‍රකාශය සහ කැපවීම් සාමකාමී සංවර්ධනය, සහයෝගීතාව සහ ජයග්‍රාහී ප්‍රතිඵලවල ඓතිහාසික ප්‍රවණතාවයට අනුකූල වන අතර, වගකිවයුතු ප්‍රධාන රටක කාර්යභාරය නිරූපණය කරයි. බහුපාර්ශ්වවාදය පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට ශක්තිමත් “චීන බලය” එන්නත් කර ඇති එම කතාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් පුළුල් පිළිගැනීමට ලක්ව තිබේ.

බහුපාර්ශ්වවාදයේ ක්‍රියාකාරී වෘත්තිකයෙකු ලෙස චීනය ගෝලීය වසංගත වැළැක්වීම සහ පාලනය සඳහා හැකි තරම් දායක වී ඇත. පර්යේෂණ හා සංවර්ධන කටයුතු අවසන් කර භාවිතයට ගත් පසු චීනයේ එන්නත් ගෝලීය පොදු නිෂ්පාදිතයක් ලෙස ලබා දී සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛතාවය දෙන බවට ජනාධිපති ෂී ජින්පිං මහතා සිය කතාවේදී යළි පොරොන්දු විය. චීනය විසින් පෙන්වන ජාත්‍යන්තර වගකීම නිසැකවම මානව වර්ගයා සඳහා පොදු ඉරණම සහිත ප්‍රජාවක් යන සංකල්පයේ තවත් විචිත්‍රවත් භාවිතයකි.

සෑම විටම බහුපාර්ශ්වික ක්‍රියාකාරකම්වල නියැලී සිටින චීනය, ලෝක සාමය ගොඩනඟන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායක වන්නෙකු සහ ජාත්‍යන්තර පිළිවෙල ආරක්ෂා කරන්නෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරයි.


ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන