එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව ඓතිහාසික යුගයේ වඩා වැඩි කාර්යභාරයක් ඉටු කිරීමට චීනයේ අනුබලය
2020-09-23 10:18:55
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයට අවශ්‍ය වන්නේ කවරාකාරයෙන් ද යන්න පිළිබඳ ප්‍රශ්නයට චීනය පිළිතුරු ලබා දෙයි.

පසුගිය 21 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ නායක සමුළුවට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා 4ක් ඉදිරි පත් කළේය. ප්‍රමුඛ ලෙස සාධාරණත්වය අනුගමනය කිරීම,ස්ථීරව නීතිය මගින් පරිපාලනය කිරීම,සහයෝගීතාව පෙළඹවීම හා ක්‍රියාව කේන්ද්‍රය කර ගැනීම පිළිබඳව අදාළ යෝජනා 4 ඊට ඇතුළත් විය. ලෝකයට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය වන්නේ කවර ආකාරයෙන් ද? පශ්චාත් වසංගත යුගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කාර්යභාරයන් ඉටු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව චීනය මෙ ලෙස පිළිතුරු ලබා දී ඇත. එය වත්මන් තත්ත්වය කෙරෙහි බහුපාර්ශවවාදය සුරක්ෂිත කිරීමට වැදගත් අර්ථයකින් යුතුවෙයි.

වත්මන් ලෝකය පෙර නොවූවිරූ ආකාරයෙන් වෙනස් වෙමින් පවතී.විශේෂයෙන්ම ආරක්ෂණවාදය,ඒකපාර්ශ්වවාදය හා දාමරිකවාදී ක්‍රියාවන් ඇති වී එකිනෙකා විරෝධී මතභේදයන් ගෙන් පිරුණු තත්ත්වයට ලෝකය යළි යොමු කිරීමට ඇතැම් රටවල් හා දේශපාලන බලවේගයන් උත්සාහය දරමින් සිටිති.පෙරට වඩා වැඩි ශක්තිමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් අවශ්‍ය බව චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ප්‍රමුඛ ලෙස සාධාරණත්වය අනුගමනය කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ විශාල රටක් හෝ කුඩා රටක් හා සමාන වන බවයි.සංවර්ධනය වෙමින් පවතින රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දරන නියෝජනත්වය හා ප්‍රකාශ කිරීමේ අයිතිය සැබෑ ලෙස ඉහළ නැංවීම,ජගත් ප්‍රජාවේ සාධාරණත්වය හා න්‍යාය සුරක්ෂිත කිරීමට ඉවහල් වන අතර එය එක්පාර්ශ්වවාදය හා රාජ්‍යන්තරවාදයට ඉඩ ලබා නොදෙයි.

ස්ථීරිව නීතිය මගින් පරිපාලනය කිරීම පිළිබඳව සඳහන් කළ ෂී ජින් පිං මහතා අවධ්‍යරණය කළේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මුල්ධර්මය ජගත් සබඳතා පාලනය කිරීමේ මූලික පදනමක් බවයි.

සහයෝගීතාව පෙළඹවීම කෙරෙහි ෂී ජින් පී මහතා අදහස් දැක් වූයේ ගැටුම් වෙනුවට සංවාදය මගින් ක්‍රියාත්මක වෙමින් පොදු සංවර්ධනය ඉටු කළ හැකි බවයි.

ආරක්ෂාව ,සංවර්ධනය,මානව හිමිකම් යන ක්ෂේත්‍ර වල ගෝලීය අභියෝගයන් ට මුහුණ දීමේදී, සෞඛ්‍ය සේවා යන සාම්ප්‍රදායික නොවන අභියෝගයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස සැලකිය යුතුය. සංවර්ධනය ලෝක රාමුවේ වැදගත් ස්ථානයක තබා ජීවන අයිතිය හා සංවර්ධන අයිතිය වැඩියෙන් සුරක්ෂිත කළ යුතු ය.ඒවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි වැඩකටයුතු වලට සංවර්ධනාත්මක සැළැසුමක් ලබා දී තිබේ.

චීනය බහුපාර්ශ්වවාදය සැම විටම අනුගමනය කරන බව ෂී ජින් පිං මහතා ලෝකයට ලබා දුන් ස්ථීර ප්‍රතිඥාවයි. ඒ ඒ රටවල් සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව ඓතිහාසික යුගයේ වඩා වැඩි කාර්යභාරයක් ඉටු කරමින් මානව පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැගීමට චීනය අනුබල දෙන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන