චීන යුධ හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලට සහභාගි වීම පිළිබඳ ප්‍රථම විශේෂ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
2020-09-19 15:42:14
Share with:

චීන යුධ හමුදාව ලෝක සාමය සුරක්ෂිත කිරීමේ වැදගත් ශක්තියකි.

චීන යුධ හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් වලට සහභාගි වීම පිළිබඳ ප්‍රථම විශේෂ ධවල පත්‍රිකාව චීනය ඊයේ(19) නිකුත් කර තිබේ.

ගතවූ වසර 30ක කාලය තුළ චීන යුධ හමුදාව එක්සත් ‍ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වලට ලබා දුන් දායකත්වය, ක්‍රියාකාරීත්වය හා ඉතිහාසය පිළිබඳව එම ධවල පත්‍රිකාව හරහා ප්‍රත්‍යාවලෝකනය කර ඇත. චීන යුධ හමුදාව විසින් දරනු ලබන වගකීම් හා එහි ප්‍රතිපත්ති,එක්සත් ජාතීන්ගේ සාම සාධක ‍නායක සමුළුවේ ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීම පිළිබඳව එම ධවල පත්‍රිකාවේ පැහැදිලි කර තිබේ. සත්‍ය දත්ත හා සාක්‍ෂි ලබා දෙන එම ධවල පත්‍රිකාව මගින් චීන යුධ හමුදාව ලෝක සාමය සුරක්ෂිත කිරීමේ වැදගත් ශක්තියක් බව පිළිබිඹු වේ. ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් විසින් නිර්මාණය කරන ලද චීන යුධ හමුදාවේ තර්ජන පිළිබඳ කුමන්ත්‍රණ චෝදනා කෙරෙහි එම ධවල පත්‍රිකාව හරහා දැඩි ලෙස විරෝධය පළ කර ඇත . අදාළ ඇමරිකානු දේශපාලනඥයෝ සිය ජාත්‍යන්තර වගකිම් මඟහරිමින් ආසියා ශන්තිකර කලාපයට යුධ හමුදා යොමු කර ප්‍රාදේශීය තත්ත්වය උග්‍ර කරමින් නව සීතල යුධයක් ආරම්භ කිරීමට උත්සාහ කරමින් සිටිති. ප්‍රාදේශීය ගැටළු ඇති කරන ඔවුන් ජාත්‍යන්තර පද්ධතියට විරුද්ධත්වය පළ කරමින් ලෝක සාමය විනාශ කරන පිරිසක් බව ඉතා පැහැදිලිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන