කහ ගංගාව ආශ්‍රිත චීනයේ වැදගත් ජාතික උපාය මාර්ගික සංවර්ධනය
2020-09-18 15:53:28
Share with:

චීන ජාතිකයින්ගේ මව් ගංගාව ලෙස කහ ගංගාව ගතවූ වසර දහදහසක කාලය තුළ චීන ජනතාව පෝෂණය කරනවා. එහෙත් එම මහ ගංගාවේ පරිපාලන කටයුතු, දිගු කාලිනව චීනය මුහුණ දෙන ලොකු ගැටළුවක්.එහි රොන්මඩ, එල්ලෙන ගඟ, වියළි ගලායාම ඇතුළු විවිධ ප්‍රශ්න විසඳා ගැනීමේදී එය ලෝකයේ දුෂ්කර ම ප්‍රශ්ණයක් කියන්නට පුළුවන්.

කහ ගංගාව සහ චීනයේ ප්‍රධාන ගංගා වන යැන්සි ගංගාව හා Lancang ගංගාව ආරම්භ වන්නේත් බටහිර චීනයේ Qinghai -ටිබෙට් සානුවේ පිහිටි ගංගා තුනක් කලාපයේ ජාතික ස්වභාවික සුරක්ෂිත කලාපයෙන්.චීනයේ ජල සම්පතින් සපිරි වැදගත් කලාපයක් වන මෙම සුරක්ෂිත කලාපය “චීන ජල සංචිත කුලුන” ලෙස සැලකෙනවා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං මහතා අවස්ථා කිහිපයකදී ම කහ ගංගා ආශ්‍රිත ප්‍රදේශ වල නිරික්ෂණ චාරිකාවල නිරත වී තිබූණා. 2016 වසරේ Qinghai පළාතේ නිරික්ෂක චාරිකාවට එක්වූ ෂී ජින් පිං මහතා කහ ගංගා ජල මූලාශ්‍රය අවට ජෛව පරිසරය සුරක්ෂිත කිරීම පිළිබඳව වැඩියෙන් අවධාණය කළා.“චීන ජල සංචිත කුලුන” ලෙස එම ප්‍රදේශය රටේ ජීවන මූලාශ්‍රයයි.එම ප්‍රදේශය හොඳින් සුරක්ෂිත කිරීම චීන ජාතික සංවර්ධනයට ඉතා වැදගත් බව හෙතෙම පැවසුවා. එහි සංවර්ධනය සීමා කිරීම හෝ තහනම් කිරීම සංවර්ධනයට බාධාවක් නොව සංවර්ධනයට හරියටම ප්‍රයෝජනවත් වෙනවායැයි ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළා.

එම වසරේ ගංගා තුනක් කලාපය චීනයේ ප්‍රථම ජාතික උද්‍යාන පද්ධතියේ අත්හදා බැලීම් ආරම්භ කළා. රටේ භූමිය,වනාන්තර හා පරිසර සුරක්ෂිත කිරීම පිළිබඳ ආයතන රැසක් එකතු වී එම උද්‍යානය තුළ එහි තත්ත්වයන්ට ගැලපෙන ඒකාබද්ධ පරිපාලනයක් ක්‍රියාත්මක කරනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 18 වැනිදා පැවති රැස්වීමේදී කහ ගංගා නිම්නයේ ජෛව සුරක්ෂිත කිරීම හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය, චීනයේ වැදගත් ජාතික උපාය මාර්ගයක් බවට පත්ව තිබෙනවා. කහ ගංගා සුරක්ෂිත කිරීම චීනය යළි සමෘද්ධිමත්භාවයට පත් කිරීමේ දිගු කාලින සැලසුමක් බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළා.

කහ ගංගාව ආශ්‍රිත චීනයේ වැදගත් ජාතික උපාය මාර්ගික සංවර්ධනය

කහ ගංගාව ආශ්‍රිත චීනයේ වැදගත් ජාතික උපාය මාර්ගික සංවර්ධනය

කහ ගංගාව ආශ්‍රිත චීනයේ වැදගත් ජාතික උපාය මාර්ගික සංවර්ධනය

කහ ගංගාව ආශ්‍රිත චීනයේ වැදගත් ජාතික උපාය මාර්ගික සංවර්ධනය

කහ ගංගාව ආශ්‍රිත චීනයේ වැදගත් ජාතික උපාය මාර්ගික සංවර්ධනය


ගුවන් විදුලිය
20240509බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන