චීනයේ ෂින්ජියං ස්වායත්තය සම්බන්ධයෙන් ඇමරිකානු දේශපාලනඥයින් ගොතන බො‍රු ප්‍රකාශ
2020-09-18 18:20:40
Share with:

මෑතකදී ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්, දෘෂ්ටිවාදාත්මක පක්ෂග්‍රාහීත්වය හා මැතිවරණයේ පීඩනය හේතුවෙන් චීනයේ ෂින්ජියං ප්‍රශ්නය සම්බන්ධයෙන් වැරදි හා බො‍රු ප්‍රකාශ නැවත නැවතත් පළ කරමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට රළු ලෙස මැදිහත් වී ඇත.  

ආර්ථික පදනමේ දුර්වලකම මත චීනයේ ෂින්ජියං ස්වායත්තයේ, විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ රැකියා ධාරිතාව කැපී පෙනෙන අඩු මට්ටමක පවතී. එහි ජනතාව දරිද්‍රතාවෙන් මුදවා ගැනීමට චීන රජය රැකියා සහායක ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම, තොරතුරු වේදිකා ගොඩනැගීම, වෘත්තීය නිපුණතා පුහුණු පැවැත්වීම යනාදී පියවර ගෙන ඇත.

කුමන රැකියා සහායක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළද, ජන අපේක්ෂාවන්ට ගරු කිරීම, චීන රජයේ මූලිකම මූලධර්මයයි. ඕනෑම ආකාරයක බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම දැඩි ලෙස තුරන් කෙරේ. චීන කම්කරු ජනතාවගෙන් කොටසක් ලෙස, ෂින්ජියංහි ශ්‍රමිකයෝ පූර්ණ ලෙස නිත්‍යනුකූල අයිතිවාසිකම් භුක්ති විඳිති. ඔවුන්ගේ ආගමික ඇදහිලි හා තම තමන්ගේ භාෂා භාවිත කිරීමේ නිදහස පූර්ණ ගෞරවයට ලක්ව ඇත.

සියළුම රටවලට ගැලපෙන සංවර්ධන මාර්ගයක්, ලොව කොතැනක වත් නොමැත. මානව හිමිකම් නාමයෙන් අන් රටවලට අධ්‍යාපනය ලබා ‍දීමට තැත් කරන රටවල් පිළි නොගන්නා චීනය, ද්විත්ව ප්‍රතිමිතීන්ට ද විරුද්ධ වේ. ෂින්ජියං ප්‍රශ්නය ගතහොත්, ඇමරිකානු දේශපාලනඥයින්, සත්‍යයට ගරු කරමින් අගතිය පසෙක තබා දේශපාලන ක්‍රීඩාව නතර කළ යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන