බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීම පිණිස, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමේ වැදගත්කම
2020-09-16 20:17:19
Share with:

තර්ජන හා අභියෝග රැසක් හමුවේ ජගත් ප්‍රජාව එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි පවතින විශ්වාසය තහවුරු කොට ගෙන, බහුපාර්ශ්වවාදය ආරක්ෂා කරමින් ඒකපාර්ශ්වවාදය පිටුදැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හා එහි මහා මණ්ඩල සභාපතිවරයා ඊයේ(15) වෙන් වෙන්ව අවධාරණය කළහ.

එම දිනයේම, ලෝක වෙළඳ සංවිධානය තීන්දු කළේ, ඇ.ඩො. බිලියන 200ක වටිනාකම ඇති චීන වෙළඳ භාණ්ඩ මත ඇමරිකාව විසින් පණවන තීරු බදු, නිත්‍යානුකූල නොවන බවයි. එම යුක්තිසහගත තීන්දුව, බහුපාර්ශ්වවාදයෙන් ඒකපාර්ශ්වවාදයට එල්ල වූ ශක්තිමත් පහරක් ලෙස පොදුවේ සැලකේ.

බහුපාර්ශ්වවාදය මහා විපත්ති අත්දුටු මානව සංහතිය විසින් සිදු කළ පොදු තෝරා ගැනීම බව ඉතිහාසය සමාලෝචනය කිරීමේ දී වැටහේ. එය වත්මන් ජගත් පටිපාටියේ පදනම මෙන්ම විවිධ රටවල් සාමකාමී සංවර්ධනය භුක්ති විඳීමේ වැදගත් සහතිකයයි. එහෙත් මෑත වසරවල, ‘ඇමරිකා ෆර්ස්ට්’ යන්න ලුහුබඳින ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ පාලනය යටතේ, ඒකපාර්ශ්වවාදය, සංරක්ෂණවාදය, උවදුරක් සේ ව්‍යාප්ත විය. වෙනත් රටවලට හිරිහැර කිරීමටත් බහුපාර්ශ්වික සහයෝගිතාවන්ට බාධා කිරීමටත් ඔවුහු පුරුදුව සිටිති. අනපේක්ෂිතව මතු වූ වසංගතය හමුවේ, එම ඇමරිකානු දේශපාලනඥයින්ගේ දාමරික හැසිරීම් තව තවත් අනාවරණය විය.

මේ තුළ, බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීම අතිශයින් වැදගත්ය. ලෝකයට අවශ්‍ය වන්නේ බලවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයකි. මේ සඳහා විවිධ රටවල් එක්සත් පෙරමුණක් ලෙස ගොඩනැගී, ජගත් පටිපාටිය විනාශ කරමින් ජාත්‍යන්තර රෙගුලාසීන් උල්ලංඝනය කිරීම පිළිබඳ ක්‍රියාවන් සමග ස්ථිර ලෙස සටන් කළ යුතු බව පෙන්වා දිය යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන