දුප්පත් පවුල් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ
2020-09-15 13:28:45
Share with:

දුප්පත් පවුල් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන ශ්‍රී ලංකා රජය විසින් ආරම්භ කරනු ලැබ තිබේ

රජය විසින පිහිටුවා ඇති බහුකාර්ය සංවාර්ධන කාර්ය සාධක බලකාය මඟින් අඩු ආදායාම්ලාභි සහ නිපුණතාව රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාක්මක කරන බව ජනාධිපති ළේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි . සමාජයේ ඇති නැති පරතරය තුරන් කිරීම සඳහා විවිධ ව්‍යාපෘති දුරාතිතයේ සිටම ක්‍රියාක්මක ව තිබේ .එහෙත් එමඟින් යැපුම් මානසිකත්වයක් උස් මහත් වුවා මිස අපේක්ෂිත ප්‍රතිඵල ලඟා කර නොදී ඇති නැති පරතරය දිනෙන් දින වර්ධනය වී තිබේ. අඩු ආදායාම්ලාභි පවුල් ලක්ෂයක් තෝරා‍ගෙන එයින් එක් පවුලක එක් සාමාජිකයකුට රජයේ රැකියාවක් ලබාදීමට පියවර ගැනීම අගය කළ යුතු ප්‍රයත්නයකි.

අඩු ආදායම්ලාභියකු වීම සමාජ වරප්‍රසාද සම ලෙස විඳීමට ඇති අවස්ථා අහිමිවීමකි.විශේෂයෙන් සමාජ පිලිගැනීම අහිමිවීම හරහා එම ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයකට පත්වීමට ඉඩකඩ තිබෙනවා ඇති.එය අවධානයට යොමු කළ යුතු කාරණයකි. දිළිඳු පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව අවස්ථාවය.දෙපයින් නැගී සිටීමට අවස්ථාව ලබා දීමෙන් ඔහු නැගී සිටීමට සමත් වේවි. එම නිසා දුප්පත් පවුල් ලක්ෂයක් තෝරාගෙන එක් පවුලකින් එක් අයකුට වශයෙන් රැකියා ලක්ෂයක් ලබාදීමේ ව්‍යාපෘතිය ඉතාමත් වැදගත් වේ.

කුසගින්නේ සිටින මිනිසෙකුට කෑමට මාළුවක් ලබාදීම නිෂ්ඵල බවත් එම මිනිසාට දිය යුත්තේ බිලී පිත්තක් බවත් චීනයේ පරණ කියමනක් තිබේ.මාළුවෙක් ලබාදීමෙන් කුසගින්න නිමා දැමිය හැකි නමුත් එම මිනිසාට අවශ්‍ය වන්නේ වේලෙන් වේලට අලුත්වන කුස ගින්දරට කල් පවත්නා විසඳුමකි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන