විද්‍යාව දේශපාලනීකරණයට ලක් කළ ඇමරිකානු වසංගත පාලනය
2020-09-15 15:37:49
Share with:

විද්‍යාව දේශපාලනීකරණයට ලක් කළ ඇමරිකානු වසංගත පාලනය

ඇමරිකාවේ කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6.5කටත්, මරණ සංඛ්‍යාව 2 ලක්ෂයකටත් ළඟා වෙමින් පවතී. පසුගිය දා ඇමරිකාවේ Berkeley හි California විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශයේ පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් CNN වාර්තා කර ඇත්තේ ඇමරිකාවේ සැබෑ කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව දැනට තහවුරු වී ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයත් විසි ගුණයත් අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති බවයි.

ලොව ප්‍රබලම රට වශයෙන් සැලකෙන ඇමරිකාවේ ‍කොරොනා පාලනය මෙවන් තත්ත්වයකට පත් වී ඇත්තේ එක රැයකින් නොවේ.‍ දේශපාලනය විසින් මුල සිටම විද්‍යාව පැහැරගෙන ගොස් ඇමරිකාවේ කොරොනා වසංගත පාලනය නොකඩවා ම පරාජයට ඇද දමා තිබේ. වසංගත පාලනයේදී විනිවිදභාවය ඉතා තීරණාත්මක ය. එහෙත් ඇමරිකානු රජය වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීමට හැකි තරමින් සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ දරමින් සිටී. පසුගිය දා Washington post පුවත්පතේ වාර්තාකරුවෙකු වන Bob Woodward පටිගත කළ සම්මුඛ සාකච්ඡාවක් හෙළිදරව් වී තිබේ. එම සම්මුඛ සාකච්ඡාවට අනුව, පසුගිය පෙබරවාරි මාසයේ, එනම් ඇමරිකාවේ පළමු කොරොනා මරණය වාර්තා වීමට සති කිහිපයකට පෙර සිටම කොරොනා වෛරසය අධික ලෙස බෝ වන හා මාරාන්තික බව ඇමරිකානු රජය දැන සිටියේ ය. එහෙත් "වෛරසය හදිසියේම මැජික් මෙන් අතුරුදහන් වේවි" යැයි පවසමින්, " එය ඉන්ෆ්ලුවෙන්සා පමණක් " යැයි ඇමරිකානු රජය යළි යළිත් පැවසීය. මෙම සත්‍යය හෙළි වීමෙන් පසු ඇමරිකානු රජය එරට වැසියන්ගේ හා ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක් වී ඇත. ඇමරිකානු ජනාධිපතිවරයා හිතා මතා විද්‍යාවට එරෙහිව බොරු කීම, එරට ඉහළ මරණ සංඛ්‍යාවටත් මානව සෞඛ්‍යයට තර්ජනය කිරීමටත් සෘජුව හේතු වී ඇතැයි Science සඟරාවේ ප්‍රධාන සංස්කාරක Holden Thorp පෙන්වා දී තිබේ.

ඇමරිකානු රජය කෙසේ ක්‍රියා කළ ද එරට වසංගත තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතී. විද්‍යාව දේශපාලනීකරණයට ලක් කිරීමෙන් ඇමරිකාවට ඇති වන විපත කවර දිනක අවසන් විය හැකි දැයි ප්‍රශ්නයක් වී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන