වසංගතය හා ගංවතුර බලපෑම් මග හැර, පසුගිය අගෝස්තු මාසයේ චීන ආර්ථිකය ස්ථිර වර්ධනයක් අත් කර ගනී
2020-09-15 20:06:27
Share with:

වසංගතය හා ගං වතුර යන අයහපත් සාධකවල බලපෑම් මග හැර පසුගිය අගෝස්තු මාසයේ ස්ථිර වර්ධනයක් ළඟා කර ගැනීමට චීන ආර්ථිකයට හැකි වී තිබෙන බව චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලින් පිළිබිඹු වේ. චීනය ක්‍රියාත්මක කරන, දේශීය චක්‍රය ප්‍රධාන කොට ගන්නා දෙස් විදෙස් ද්විත්ව චක්‍ර ආකාරයේ නව වර්ධන සමස්තයට මෙය, හිතකර සාධකයකි. ලෝක ආර්ථික පුනර්ජීවනයට ද මෙය හොඳ ආරංචියක් ලෙස සැලකේ.

දේශීය චක්‍රය ප්‍රධාන කොට ගැනීම තුළින්, අභ්‍යන්තර අවශ්‍යතාව පුළුල් කිරීමේ උපායමාර්ගය කියැවේ. චීනය සතු පූර්ණ කාර්මික පද්ධතිය, සුවිසල් වෙළඳපොල හා නිර්මාණශීලි හැකියාව, අභ්‍යන්තර අවශ්‍යතාව පුළුල් කිරීමට උපකාරී වේ.

එහෙත් දේශීය චක්‍රය ප්‍රධාන කොට ගැනීම තුළින්, රට වසා දමා ක්‍රියාත්මක කර ගැනීම නොකියැවෙන බව පෙන්වා දිය යුතුය. අභ්‍යන්තර අවශ්‍යතා ධාරිතාව ගවේෂණය කරමින්, දේශීය වෙළඳපොල හා විදේශීය වෙළඳපොල එකිනෙකට මනා ලෙස සම්බන්ධීකරණය කර, දෙස් විදෙස් වෙළඳපොල හා සම්පත් දෙක නිසියාකාරයෙන් ප්‍රයෝජනයට ගෙන වඩාත් බලවත් අඛණ්ඩ සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම මෙහි සැබෑ අර්ථය ය.

චීන ආර්ථිකය අඛණ්ඩව යහපත් තත්ත්වයක පැවතීම, විවෘතභාවය ව්‍යාප්ත කිරීමේ ප්‍රතිපත්තියෙන් වෙන් කළ නොහැකිය. චීනය විසින් සත්කාරකත්වය දරන කැන්ටන් ප්‍රදර්ශනය, සේවා වෙළඳ ප්‍රදර්ශනය, ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය යන විවෘත වේදිකා තුන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, ලෝක ආර්ථිකය පහල තත්ත්වයෙන් ඉහළට ඇද ගැනීමට විශ්වාසය මෙන් ශක්තිය ද එකතු කර තිබේ. ලෝකයේ විශාලතම නිෂ්පාදන මූලස්ථානය හා අලෙවි වෙළඳපොල වශයෙන්, චීනය ගෝලීය සැපයුම් දාමයේ ගන්නා වැදගත්කම ඉදිරි වසර කිහිපය තුළ තව තවත් කැපී පෙනෙන බව ‍ ප්‍රකට ජර්මානු විශේෂඥ Frank Sieren මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන