චීනය හා ඉන්දියාව දේශසීමා අර්බුදය විසඳීමේ ‍ එකඟතාව මත එල්බ සිටී
2020-09-11 21:03:30
Share with:

චීනය හා ඉන්දියාව දේශසීමා අර්බුදය විසඳීමේ ‍ එකඟතාව මත එල්බ සිටී

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ අමාත්‍ය වං යී මහතා හා ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා ඊයේ (10) මොස්කව්හි හමු වී දෙරටේ දේශසීමා තත්ත්වය හා දෙරටේ සබඳතාව පිළිබඳ සාකච්ඡා කර එකඟතාවන් 5කට පැමිණ ඇත.

දෙරටේ නායකයන් පැමිණ ඇති එකඟතාවන්හී එල්බ සිටීම, දේශසීමා හමුදා තත්ත්වය සමනය කිරීම, තත්ත්වය උණුසුම් වන ක්‍රියාවන් ගෙන් වැළකීම, සංවාද හා සාකච්ඡා ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය විශ්වාසය ස්ථාපිත කිරීම එම එකඟතාවන් පහේ ප්‍රධාන අන්තර්ගතයන් ය. චීන ඉන්දීය දේශසීමා තත්ත්වය ක්‍රමයෙන් උණුසුම් වීම යටතේ මෙම එකඟතාවන්ට පැමිණීමෙන් තත්ත්වය වෙනස් වීමේ අපේක්ෂාව දැකිය හැකි වනු ඇති අතර දේශසීමා ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට හා ආරක්ෂා කිරීමට උපකාරී වේ.

එහෙත් මෙවර අර්බුදය මතු වීමට සංකීර්ණ භාවය හා සංවේදිතා හේතු තිබේ. ඉන්දියාවේ දේශීය අන්ත ජාතික වාදය ඉහළ යාම, චීනයට එරෙහිව හැඟීම උණුසුම් වීම යටතේ දෙරටේ දේශසීමා තත්ත්වය එම එකඟතාවන්ට අනුව සමනය කිරීමේ හරය වන්නේ ඉන්දියාව සිය ප්‍රතිඥ්ඥා අනුගමනය කිරීමයි.

මේ වසරේ අප්‍රේල් මස දෙරටේ දේශසීමා ගැටළුව මතු වීමෙන් පසු චීනය අඛණ්ඩව ඉල්ලා සිටියේ සාමකාමීව ගැටළු විසඳන ලෙස ය. දේශසීමා අර්බුදය පාලනය කිරීම සඳහා දෙපාර්ශ්වය ජූලි මස මුලදී දේශසීමා තත්ත්වය සමනය කිරීම පිළිබඳව එකඟතාවන් 4කට පැමිණ ඇත. එහෙත් අ‍ගෝස්තු මස අගදී දෙපාර්ශ්ව විවිධ මට්ටම් වල සාකච්ඡා වලින් එළඹි එකඟතාවන් ඉන්දීය හමුදාව විවෘතව විනාශ කර නීති‍විරෝධිව දේශසීමාව පසු කර ප්‍රකෝපකාරී ලෙස හැසිරීම සිදු කර ඇත. විශේෂයෙන් ම ඉන්දියා හමුදාව චීන දේශසීමා හමුදාවේ භටයන් වෙත වෙඩි තබා ඇත. ඉන් වසර 45ක් තුළ චීන ඉන්දීය දේශසීමා ප්‍රදේශයේ වෙඩි තැබීම නොසිදු වීමේ වාර්තාව බිඳ වැටිණ. දේශසීමා තත්ත්වය ඉතා බරපතල මෙන්ම අනතුරුදායක තත්ත්වයට ලක්ව තිබේ.

ඉන්දියාවේ අඛණ්ඩ ප්‍ර‍කෝපකාරී හැසිරීම දෙරටේ සබඳතාව අයහපත් වීමේ මූලික හේතු වන බවට පැහැදිලිව දක්නට ලැබේ. ඉන්දියාවේ ඇතැම් දේශපාලන බලවේග දෙරටේ දේශසීමා ප්‍රශ්න ප්‍රචාරය කිරීම මගින් දේශීය ගැටුම් වෙනස් කිරීමට වෑයම් කරමින් සිටී. ඔවුන් දේශීය ජාතිකවාදී හැඟීම් උසි ගන්වමින් චීනයට එරෙහිව ප්‍රතිපත්ති පැනවීම, දෙරටේ දේශසීමා තත්ත්වය සමනය කිරීමට අවාසි සාධකයකි. දේශසීමා තත්ත්වය යළි සාමකාමී කිරීම වෙනුවෙන් ඉන්දියාව ප්‍රායෝගික ක්‍රියාවන් ක්‍රියාත්මක කරමින් ප්‍රායෝගිකව එකඟතාවන්හී එල්බ සිටිය යුතු ය. ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂක ප්‍රතිලාභය ආරක්ෂා කිරීම සඳහා චීනයට ඉතා ස්ථීර අධිෂ්ඨානය ඇත. චීන භූමයේ කිසිදු කොටසක් අහිමි විය නොහැකි ය. ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ කිසිදු කෙනෙක් හෝ කිසිදු බලවේගයක් වැරදි තීරණය හා මනංකල්පිතයන් හී නොසිටිය යුතු ය.

මේ වසර චීනය හා ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 70 වැනි සංවත්සරය ය. වසංගතය පාලනය කිරීම, ආර්ථිකය සංවර්ධනය කිරීම හා ජන ජීවිතය යහපත් කිරීම යන පොදු කාර්යයන් වලට මුහුණ දෙන දෙර‍ටට පුළුල් පොදු ප්‍රතිලාභ තිබේ. අර්බුදය හා ‍ගැටුම වෙනුවට දෙරට පූර්ණව සහයෝගතා පුළුල් කළ යුතු ය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන