මෙතෙක් ඇමරිකාවේ බිහිවූ නරකම රාජ්‍ය ලේකම්වරයා Mike Pompeo බව ඇමරිකාවේ Washington Post පුවත්පත පවසයි
2020-09-11 20:19:23
Share with:

මෙතෙක් ඇමරිකාවේ බිහිවූ නරකම රාජ්‍ය ලේකම්වරයා Mike Pompeo බව ඇමරිකාවේ Washington Post පුවත්පත පවසයි

මෙතෙක් ඇමරිකාවේ බිහිවූ නරකම රාජ්‍ය ලේකම්වරයා වන්නේ ‍කිසිවෙකු නොව Mike Pompeo වන බව පසුගිය දා ඇමරිකාවේ Washington Post පුවත්පත ලිපියක් පළ කරමින් පෙන්වා දී ඇත. ගෙවී ගිය වසර 2 තුළ Mike Pompeo රාජ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ ආකාරය දෙස බැලීමේදී ඇත්තෙන් ම මෙවන් තීන්දුවකට පැමිණීම පුදුමයක් නොවේ.

සීතල යුධ සමයේ සංකල්පයේ එල්බ සිටින Mike Pompeo ලොව පුරා බෙදුම්වාදී හා ප්‍රතිවිරෝධ මතවාද පතුරුවමින් ලෝක සාමය හා සංවර්ධනයට විශාල තර්ජනයක් එල්ල කර තිබේ. ඔහු චීන-ඇමරිකානු සම්බන්ධතාව හැසිරවීමේ ක්‍රමය ඊට මනා නිදසුනකි.ඔහු බොහෝ අවස්ථාවලදී කියා සිටින්නේ චීනය කාලාන්තරයක් තිස්සේ ඇමරිකාව සූරා කමින් ඇමරිකාවේ රැකියා නියුක්තිය විනාශ කළ බවයි. චීන-ඇමරිකානු සබඳතාව ගොඩ නගා ඇත්තේ අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණය මත ය. ද්විපාර්ශ්වික වෙළඳ සබඳතාව එවැන්නකි. උදාහරණයක් වශයෙන් චීන-ඇමරිකානු වෙ‍ළඳ සම්බන්ධතාව තුළින් ඇමරිකාවේ රැකියා අවස්ථා 26 ලක්ෂයක් නිර්මාණය කර තිබේ. ඇමරිකානු ව්‍යවසායන් 73 දහසක් පමණ චීනයේ ආයෝජනය කිරීමෙන් විශාල ආර්ථික ලාභයක් අත්කරගෙන ඇත. ඇමරිකානු ව්‍යවසායන් චීනයෙන් බොහෝ වාසි ලද නමුත් ඇමරිකාවේ චීන ව්‍යවසායන්ට ලැබී ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් සත්කාරයකි. Mike Pompeoලා කළ හැකි උපරිම ආකාරයට ඇමරිකාවේ චීන ව්‍යවසායන් මර්දනය කිරීමෙහි නිරත ව සිටී.

එපමණක් නොව ජාත්‍යන්තර කටයුතුවලදී Mike Pompeo ලා ඒකපාර්ශ්වවාදය අනුගමනය කරමින් ජාත්‍යන්තර පටිපාටියට හානි සිදු කර තිබේ. මෑතදී ලෝක වෙළඳ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනෙස්කෝ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික ආයතන දුෂ්කර තත්ත්වයට පත් ව තිබෙන්නේ ඇමරිකාව හිතුවත්කාරයෙන් ජාත්‍යන්තර පටිපාටිය ‍ නොසලකා හැරීම හේතුවෙනි.‍‍ගෝලීය කොරොනා වසංගත පාලනයේදී Mike Pompeo ලා හැසිරෙන්නේත් එවන් ආකාරයටයි.ඔවුන් තමන්ගේ ‍නොහැකියාව වසන් කරමින් ‍ජාත්‍යන්තර වසංගත පාලනයට ඇති කළ බාධා කිව නිම කළ නොහැකිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන