චීන-ඇමරිකා සබඳතාවල “අත්තිවාරම”ලෙස සැලකෙන සංස්කෘතික හුවමාරුව දරුණු තත්වයකට ඇද දමන ඇමරිකාවේ අදූරදර්ශී නායකයන්
2020-09-10 20:50:16
Share with:

චීන-ඇමරිකා සබඳතාවල “අත්තිවාරම”ලෙස සැලකෙන සංස්කෘතික හුවමාරුව දරුණු තත්වයකට ඇද දමන ඇමරිකාවේ අදූරදර්ශී නායකයන්

1978 වසරේ ජුලි මාසයේ, ඇමරිකාවේ අධ්‍යාපනය සඳහා චීන සිසුන් 5,000 ක් යැවිය හැකිද යන ප්‍රශ්නය, එම කාලයේ චීන නායකයා ඇමරිකානු ජනාධිපති Jimmy Carter මහතාගෙන් ඇසූ විට, Carter මහතා පිලිතුරු දුන්නේ, සිසුන් ලක්ෂයක් යැවිය හැකි බවයි.

2020 වසරේ සැප්තැම්බර් මාසයේ, ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo පැවසුවේ, මෙම වසර අවසානයට පෙර ඇමරිකාවේ සියලුම කොන්ෆියුසියස් ආයතන වසා දැමීමට බලාපොරොත්තු වන බවයි.

වසර 40 කට වැඩි කාලයකට පසු, චීන-ඇමරිකා සබඳතාවල “අත්තිවාරම”ලෙස සැලකෙන සංස්කෘතික හුවමාරුව දරුණු තත්වයකට මුහුණ දී සිටී. දැනට ඇමරිකාව පාලනය කරන අය, Jimmy Carter මහතා මෙන් උපායමාර්ගික දැක්ම ඇති නායකයන් නොවේ.එහි ඇත්තේ දේශපාලනයෙන් පුද්ගලික වාසි ලබා ගැනීමට සහ බොරු කියන්නට කැමති Mike Pompeo වැනි පුද්ගලයන් ය.

ආර්ථික හා වෙළඳ සම්බන්ධතා මෙන්, චීන-ඇමරිකා සංස්කෘතික හුවමාරුවල හරය වන්නේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණයයි. එහෙත් කනගාටුව නම්, චීන සහ ඇමරිකානු ජනතාව අතර සුහද හුවමාරුවලට, සීතල යුද චින්තනය සහ Mike Pompeo වැනි පුද්ගලයන් ගෙන් පහර එල්ල වෙමින් පවතී. ඔවුන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා සඳහා දෙරට ජනතාවගේ කැමැත්තට විරුද්ධ වුව හොත්, ඇමරිකාවට විශාල හානි ගෙන දෙනු ඇත.

චීන සිසුන් අවහිර කිරීමෙන් ඇමරිකාවේ විශ්ව විද්‍යාලවලට විශාල ආදායමක් අහිමි වන අතර, එය ඇමරිකානු තාක්ෂණික නවෝත්පාදනයන්ට ද හානි වනු ඇත. එසේම ඇමරිකානු දේශපාලනඥයන්ගේ දාමරිකකම් සහ බොරු කීම, ඇමරිකානු ප්‍රතිරූපයට බරපතල ලෙස හානි කළ හැකි ය.

Mike Pompeo වැනි මිනිසුන්ගේ ක්‍රියා කෙරෙහි, ඇමරිකානු සමාජය සාමාන්‍යයෙන් ඇත්තේ විරෝධයකි.

Johns Hopkins විශ්ව විද්යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා ආයතනයේ චීන අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Madeline·Rose පෙන්වා දුන්නේ, ඇමරිකාව චීන සිසුන් සම්පූර්ණයෙන් සීමා කළහොත්, ඇමරිකාවේ විශ්ව විද්‍යාල, ජනපධ හා කලපීය රජයන්, වෙළඳ ක්ෂේත්‍රයේ නායකයන්, ඊට එරෙහිව වහාම ප්‍රශ්න කරනු ඇති බවයි.

Project Syndicate පුවත්පත් අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ, එක්සත් ජනපදය මානව ශාස්ත්‍ර "විසංයෝජනය" ප්‍රවර්ධනය කළහොත් එය ව්‍යසනයක් වනු ඇති අතර, ඇමරිකාව ද ඊට ප්‍රධාන ලෙස ගොදුරු වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන