ලෝකයට අවස්ථා ගෙන දුන් 2020 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය
2020-09-10 20:26:45
Share with:

ලෝකයට අවස්ථා ගෙන දුන් 2020 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය

2020 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (09) නිමාවට පත් විය. එම ප්‍රදර්ශනය කො‍රොනා වසංගතය මතු වීමෙන් පසු චීනය සාර්ථක ව පැවැත්වූ පළමු ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික හා වාණිජ ක්‍රියාකාරකම වීම විශේෂත්වයකි. රටවල් හා ප්‍රදේශ 148ක වෙළඳ සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන, චීනයේ විවිධ රටවල තානාපති කාර්යාල සහ දෙස් විදෙස් ව්‍යවසායන් 22 දහසක් පමණ අන්තර්ජාලය ඔස්සේ හෝ චීනයට පැමිණ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට එක් විය. පුළුල් සහභාගිත්වය හැරෙන්නට තාක්ෂණික නවෝත්පාදනයන්ගෙන් පිරිපුන්බව මෙම ප්‍රදර්ශනයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. සමාගම් හා ආයතන 63 ක් මෙවර සේවා වෙළඳ ප්‍රදර්ශනයේදී සිය නවතම පර්යේෂණ ප්‍රතිඵල හෝ නවතම නිෂ්පාදන නිකුත් කර ඇත. කොරොනා වසංගතය සාර්ථක ව පාලනය කරමින් ආර්ථික ප්‍රකෘතිය සීග්‍රයෙන් ලබමින් සිටින චිනය, මෙවන් ප්‍රදර්ශනයක් පැවැත්වීම මගින් ලෝකයට විශ්වාසය ලබා දී තිබේ. ප්‍රදර්ශනය හරහා සේවා වෙ‍ළඳාමෙහි නිරත දෙස් විදෙස් ව්‍යවසායන්ට පුළුල් වාණිජ අවස්ථා සපයා දෙමින් ගෝලීය සේවා වෙළඳ ප්‍රවර්ධනය සහ ලෝක ආර්ථික පුනරුත්ථාපනය වෙනුවෙන් නව ශක්තියක් එක් කිරීමට චීනය සමත් වී ඇත.

චීනය පෙර සේම සිය වෙළඳපල විවෘත කරමින් ව්‍යාපාරික පරිසරය වඩාත් යහපත් කරමින් සේවා වෙළඳාම අඛණ්ඩ ව පුළුල් කිරීමේ අධිෂ්ඨානය, 2020 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ලද සාර්ථකභාවය තුළින් පිළිබිඹු වේ. මෙම ප්‍රදර්ශනය අවසන් වුව ද ඊට අයත් අන්තර්ජාල ඩිජිටල් වේදිකාව අඛණ්ඩව විවෘතව පවතී. එම වේදිකාව දෙස් විදෙස් ව්‍යවසායකයන් සඳහා වසරක් පුරා ක්‍රියාත්මක කෙරේ. මීට සමගාමීව චීනයේ ශියා මෙන් නගරයේ ජාත්‍යන්තර ආ‍යෝජන වෙළඳ ප්‍රදර්ශනය පැවැත්වේ. තවත් මාස 2කින් පසු 3වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත ය. චීනය නිර්මාණය කිරීමට උත්සාහ කරන්නේ කිසි විටෙකත් විවෘතභාවය නතර නොකරන නව සංවර්ධන රටාවක් බව පෙනේ. මෙය, චීන ආර්ථිකයට මෙන් ම ලෝක ආර්ථිකයට ද නව ශක්තියක් එක් කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන