ඇමරිකාව ක්‍රියාත්මක කරන "පිරිසිදු අන්තර් ජාල"සැලැස්මෙන් ඇමරිකාවේ ආර්ථිකයට හානි වනු ඇතැයි අණාවැකි
2020-09-09 21:07:17
Share with:

ඇමරිකාව ක්‍රියාත්මක කරන "පිරිසිදු අන්තර් ජාල"සැලැස්මෙන් ඇමරිකාවේ ආර්ථිකයට හානි වනු ඇතැයි අණාවැකි

ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo මෑතකදී ඊනියා "පිරිසිදු අන්තර් ජාල"( Clean Network) සැලැස්ම ප්‍රවර්ධනය කරමින් සිටී. චීන නිෂ්පාදන සහ සේවාවන් බැහැර කිරීම ‍සඳහා ටෙලිකොම් ක්‍රියාකරුවන්, යෙදවුම් අලෙවි සැල් , යෙදවුම්, වලාකුළු සේවා සහ ජාල කේබල් යන ක්ෂේත්‍ර 5ක එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කර ඇත. මීට අමතරව, TikTok, WeChat සහ අනෙකුත් චීන සමාජ මෘදුකාංග අවහිර කිරීමට ධවල මන්දිරය තීරණය ‍ගෙන තිබේ.

ඇමරිකාව මෙම ක්‍රියාමාර්ගය නියත වශයෙන් සිදු කළහොත්‍ ඉන් ගෝලීය ඩිජිටල් සහයෝගිතා හා සංවර්ධනයට පමණක් නොව ඇමරිකානු සමාජයට ද විවිධ හානි ඇති වන බව විශ්වාස කෙරේ. TikTok වැනි ‍ලොව ජනප්‍රිය සමාජ යෙදවුම් අවහිර කිරීමෙන් ඇමරිකානු භාවිත කරන්නන්ට ඇති වන්නේ සෘණාත්මක බලපෑමක් බව එරට අන්තර්ජාල සැරි සරන්නන්ගේ පොදු මතය වී තිබේ. ඇමරිකානු රජය ක්‍රියාත්මක කරන "පිරිසිදු අන්තර් ජාල"සැලැස්ම බොහෝ ඇමරිකානුවන්ට ඔවුන්ගේ පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීම සඳහා වැදගත් වේදිකාවක් අහිමි වීමට හේතු වී ඇති බව ඔවුන් අප්‍රසාදය පළ කරමින් පෙන්වා දී ඇත. WeChat යෙදවුම තහනම් කිරීමෙන් ඇමරිකානු මහ සමාගම් හී චීන වෙළඳපල සතු ව ඇති තරගකාරීත්වය අඩු වනු ඇති බවට එම සමාගම් බිය පළ කර තිබේ.

ඇමරිකානු රජය චීන ව්‍යවසායන්ට දේශපාලන හිංසා පීඩා කිරීම, ඇමරිකාවේ ආයෝජනය කිරීම පිළිබඳ සියලු රටවල විශ්වාසය ද සොලවනු ඇත. අද චීනයට පහර දෙන ඇමරිකාව හෙට සෙසු රටවලට ද එසේම පහර දීමට ඉඩ තිබේ. ඇමරිකාව ක්‍රියාත්මක කරන "පිරිසිදු අන්තර් ජාල"සැලැස්ම ඇමරිකාවේ ආර්ථික තරගකාරීත්වය වඩාත් අවම කරමින් ඇමරිකාවේ ආර්ථික පුනරුත්ථාපනයට බාධා එල්ල කරන බව එරට California State විශ්වවිද්‍යාලයේ මහාචාර්ය James Rae මහතා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන