චීනයේ කොරොනා සටනට දැවැන්ත දායකත්වය ලබා දුන් විශිෂ්ටයින්ට සම්මාන
2020-09-09 11:31:40
Share with:

නව කොරොනා වසංගතය සමග සටනට දැවැන්ත දායකත්වය ලබා දුන් පුද්ගලයින්ට සම්මාන පිරිනැමීමේ උත්සවය බෙයිජිං මහජන මහ ශාලාවේ ඊයේ(8) උදේ වරුවේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී එම පුද්ගලයින්ට ජනරජ පදක්කම සහ ජාතික ගෞරව නාම සම්මාන පිරිනමමින් වැදගත් දේශනයක් ද සිදු කළේය.

මහජන ජීවිත ආරක්ෂාව සඳහා, ඕනෑම අවාසි සහගත තත්වයකට වුවද මුහුණ දෙමින් පිළිගත යුතු බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේ ගාම්භීර ලෙසය. එය ජනතාවට ප්‍රමුඛත්වය ලබා දීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මූලධර්මයේ පිළිබිඹුවකි. සමගිය, වසංගතය ජය ගැනීමේ බලවත් ම අවි ආයුධය ය. කෝටි 140ක චීන ජනතාව දැක්වූ සමගි ජීවගුණය ලෝක වාසීන්ගේ සිත ඇද ගත්තේය.

මේ අතර, තීරණ ගැනීම, උපදෙස් දීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, තාක්ෂණික ගැටළු නිරාකරණය කිරීම, සමාජ පාලනය ඇතුළු සමස්ත වසංගත පාලන ක්‍රියාදාමය තුළදීම, විද්‍යාව අනුගමනය කිරීම, සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කෙරිණ. වසංගතය පරාජයට පත් කිරීමට බලවත් විද්‍යාත්මක අනුබලයක් හිමි විය.

වත්මන් කාලයේ නව කොරොනා වසංගතය තවමත් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ලෝක වැසියන් මෙයින් අත්දකින වේදනාව චීන ජනතාවට ද එසේම දැනෙයි. එබැවින් ජගත් ප්‍රජාව සඳහා හැකි පමණින් සහාය හා උපකාර ලබා දීමට චීනය ක්‍රියා කර තිබේ. චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇ.ඩො. කෝටි පහක මුල්‍යාධාර සපයා දෙන බව ප්‍රකාශ කර ඇත. රටවල් 32කට සිය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් යවා තිබේ. රටවල් 150කට හා ජගත් සංවිධාන 4කට වසංගත පාලන සහනාධාර තොග 283ක් සපයා දී ඇත. එමගින් කෝටි සංඛ්‍යාත ලෝ වැසියන්ගේ ජීවිත බේරා ගෙන ඇතැයි ආර්ජන්ටිනාවේ චීන අධ්‍යයන මධ්‍යස්ථාන‍ අධ්‍යක්ෂ Ignacio Villagran මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන