ලොව ප්‍රමුඛ මූල්‍ය සමාගම් චීන මූල්‍ය වෙළඳපල කෙරෙහි දැඩි උනන්දුවක්
2020-09-07 18:58:17
Share with:

ලොව ප්‍රමුඛ මූල්‍ය සමාගම් චීන මූල්‍ය වෙළඳපල කෙරෙහි දැඩි උනන්දුවක්

2020 වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය බෙයිජිං හිදී මේ දිනවල පැවැත්වේ. මූල්‍ය සේවා එහි ප්‍රධාන ඉසව්වකි. එම ප්‍රදර්ශනයට එක් ව සිටින මූල්‍ය ආයතන අතරින් රටවල් හා ප්‍රදේශ 18ක විදේශ මූල්‍ය ආයතන 43කි. වි‍දේශ මූල්‍ය ආයතන චීන මූල්‍ය වෙළඳපල පිළිබඳ දැඩි විශ්වාසයෙන් හා මනා අපේක්ෂාවෙන් සිටින බව ඉන් පිළිඹිබු වෙයි.

කොරොනා වසංගතය හේතුවෙන් ලෝක වෙළඳාම විශාල වශයෙන් පසුබෑමකට ලක් වී ඇති අතර සේවා වෙළඳාම ලෝක වෙළඳාමෙහි ගන්නා අනුපාතය තව තවත් වැඩි වෙමින් පවතින බව ජර්මනියේ ආර්ථික සතිපතා සඟරාව පසුගිය දා පවසා තිබේ. සෙසු රටවලට ලබා ගත නොහැකි දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් චීනය ට ලබා ගැනීමේ හැකියාව පවතින බැවින් UBS Securities සහ Morgan Stanley වැනි ලොව ප්‍රමුඛ මූල්‍ය සමාගම් චීන මූල්‍ය වෙළඳපලට දැඩි උනන්දුවක් දක්වා ඇතැයි බ්‍රිතාන්‍යයේ The Economist සඟරාව විශ්ලේෂණ කර තිබේ. චීන මූල්‍ය සේවා වෙළඳ පොලේ වටිනාකම ඇමරිකානු‍ ඩොලර් ට්‍රිලියන 47ක් බව Peterson ජාත්‍යන්තර ආර්ථික පර්යේෂණ ආයතනය පසුගිය දා නිකුත් කළ නවතම වාර්තාව සඳහන් කරයි. මෙවන් විශාල පරිමාණය සහිත මූල්‍ය වෙළඳපලක තමන්ගේ වෙළඳපල කොටස ඉහළ නංවා ගතහොත් එයින් දැවැන්ත ලාභයක් ලබා ගත හැකි බව එම පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

මෑත වසරවල චීනය මූල්‍ය වෙළඳ පොලේ විවෘතභාවය වඩාත් පුළුල් කරමින් විවිධ පියවර ගෙන ඇත. සම්පූර්ණ කාණ්ඩ හා සම්පූර්ණ කාර්යයන් සහිත අතිශය මහා පරිමාණ මූල්‍ය වෙළඳපලක් ගොඩ නැගීමට චීනය උත්සාහ දරමින් සිටී. මෙය, ගෝලීය ආයෝජකයින්ට මුදල් ඉපයීමේ විශාල අවස්ථාවකි. මෙවර චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයේදී ප්‍රධාන චීන මූල්‍ය නියාමන ආයතන තුන වන මහජන චීන බැංකුව, චීන සුරැකුම්පත් නියාමන කොමිෂන් සභාව සහ චීන බැංකු හා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, තවදුරටත් විවෘත කිරීම පිළිබඳ පැහැදිලි සංඥා ද නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන