සේවා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා “චීනයේ මුලපිරීම” ලෝක ආර්ථික ශක්තිය උත්තේජනය කරයි
2020-09-05 14:58:51
Share with:

සේවා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා “චීනයේ මුලපිරීම” ලෝක ආර්ථික ශක්තිය උත්තේජනය කරයි

සේවා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා “චීනයේ මුලපිරීම” ලෝක ආර්ථික ශක්තිය උත්තේජනය කරයි

සියලු ආකාරයේ දුෂ්කරතා මඟහරවා ගෙන මෙතරම් විශාල ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ ඉසව්වක් පැවැත්වීම සඳහා, චීනය ඔබ සමඟ අත්වැල් බැඳගෙන දුෂ්කරතා මඟහරවා ගැනීමටත්, ගෝලීය සේවා වෙළඳාමේ දියුණුව හා සමෘද්ධිය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමටත්, හැකි ඉක්මනින් ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහාත් ඒකාබද්ධ විය යුතුයැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (4) 2020 චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ සේවා හා ගෝලීය වෙළඳාම පිළිබඳ සමුළුවේදී කතාවක් කරමින් පැවසීය. සිය වීඩියෝ දේශනයේදී සේවා කර්මාන්තය විවෘත කිරීම හා සහයෝගිතාවය පිළිබඳ යෝජනා තුනක් ඉදිරිපත් කළ ෂී ජින් පිං මහතා චීනය මේ සඳහා පියවර මාලාවක් ගන්නා බව නිවේදනය කළේය. එය විවෘත ලෝක ආර්ථිකයක් සහ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රධාන රටක නායකයෙකුගේ වගකීම පිළිබිඹු කරන අතර නිසැකවම ගෝලීය සංවර්ධනය කෙරෙහි විශ්වාසය හා පෙළඹවීම ඇති කරයි.

නව කොරෝනා වසංගතය පැතිරීමත් සමඟම, චීනය විසින් පවත්වන ලද පළමු ප්‍රධාන අන්තර්ජාල හා අන්තර්ජාල නොවන ජාත්‍යන්තර වෙළඳ හා ආර්ථික සහයෝගිතා ක්‍රියාකාරකමට රටවල් හා කලාප 148 කින් ව්‍යවසායන් සහ ආයතන 18 000 ක් ආකර්ෂණය කර ගෙන ඇති අතර ලක්ෂකට අධික පිරිසක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වී තිබේ. සිය කතාවේදී ෂී ජින් පිං මහතා අද ලෝක ආර්ථිකය මුහුණ දෙන අභියෝග හා අවස්ථාවන් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිර්පත් කළේය.සේවා කර්මාන්තයේ සහයෝගිතාවය විවෘත කිරීම අනාගතයේ දී සංවර්ධනය සඳහා වැදගත් බලවේගයක් බවට පත්වෙමින් තිබෙන්නේයැයි ෂී ඔහු පෙන්වා දුන්නේය.

"ලෝක ආර්ථිකය විවෘත වන විට සමෘද්ධිමත් වෙයි. එය වසා දැමූ විට පිරිහෙනු ඇත". සෑම විටම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කර ඇති චීනය ලෝකය සමඟ පොදු සංවර්ධනය සහ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා වන සිය දැඩි කැපවීම නිරන්තරයෙන් ඉටු කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන