මහා පුනර්ජීවනය සඳහා වන චීන ජාතියේ ඓතිහාසික පියවර කිසිවෙකුට හෝ නතර කළ නොහැකිය
2020-09-04 16:56:37
Share with:

මහා පුනර්ජීවනය සඳහා වන චීන ජාතියේ ඓතිහාසික පියවර කිසිවෙකුට හෝ නතර කළ නොහැකිය

"චීන ජාතියේ මහා පුනර්ජීවනයේ ඓතිහාසික වේගය නැවැත්විය නොහැකි බව ඉතිහාසය විසින් නිසැකවම සනාථ කරනු ඇත. චීනය මත තම කැමැත්ත පැටවීමට, චීනයේ ප්‍රගතියේ දිශාව වෙනස් කිරීමට හෝ චීනයේ අතිශයින්ම අලංකාර හා වටිනා ජීවිතය සැබෑ කිරීම සඳහා චීන ජනතාව දරන උත්සාහයන්ට බාධා කිරීමට කිසිදු බලවේගයක් දරන කිසිදු උත්සාහයක් චීන ජනතාව පිළිගන්නේ නැත. ජපානයට එරෙහි චීන ජනතාවගේ ප්‍රතිරෝධී යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 75 වන සංවත්සරය සැමරීමේ සම්මන්ත්‍රණයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කතා කරමින් මෙලෙස පැවසීය.

ජපානයට එරෙහි චීන ජනතාවගේ ප්‍රතිරෝධී යුද්ධයේ විශාල ප්‍රගතිය හා ඓතිහාසික වැදගත්කම සමාලෝචනය කළ ෂී ජින්පිං මහතා ජපානයට එරෙහි ප්‍රතිරෝධී යුද්ධයේ ආත්මීය අර්ථය ගැඹුරින් අර්ථකථනය කළේය. චීන ජාතියේ උතුම් පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීම සඳහා උප‍දෙස් දුන් ෂී ජින්පිං මහතා සියලුම “චීන ජනතාව පිළිගන්නේ නැත” යන වචනය පස් වතාවක් මතුකරමින් කළ කථාවෙන් චීන ජාතියේ මහා පුනර්ජීවනයට බාධා කිරීමට උත්සාහ කරන බලවේගයන්ට සහ පුද්ගලයන්ට දැඩි අනතුරු ඇඟවීමක් කළේය .

ලෝකයේ ෆැසිස්ට් විරෝධී යුද්ධයේ වැදගත් අංගයක් ලෙස, මීට වසර 75 කට පෙර ජපන් විරෝධී යුද්ධය නූතන යුගයේ සිට විදේශීය සතුරු ආක්‍රමණය ට එරෙහිව චීන ජනතාව විසින් කරන ලද

දීර්ඝතම, විශාලතම හා වඩාත්ම පරිත්‍යාගශීලී ජාතික විමුක්ති අරගලයකි. ‍එමෙන්ම සම්පූර්ණ ජයග්‍රහණය ලබා ගත් පළමු ජාතික විමුක්ති අරගලයකි.

මීට වසර 75 කට පෙර ජපානයට එරෙහි චීන ජනතාවගේ ප්‍රතිරෝධී යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයෙන් ඉතිරි වූ වටිනාම උරුමය වන්නේ සාමය ආරක්ෂා කර ගැනීම හා පවත්වා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවගේ එකඟතාවයයි.

ෂී ජින්පිං මහතාගේ මෙම කතාව ජාත්‍යන්තර ප්‍රජාව තුළ පුළුල් අනුනාදයක් ඇති කළේය. බොහෝ අය කියා සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ස්ථාපිත කරන ලද ජාත්‍යන්තර පිළිවෙල ඉන් දැඩි ලෙස ජය ගත් බවයි. ජාත්‍යන්තර ප්‍රජාව ඉතිහාසයෙන් ඉගෙන ගත යුතුය. ආධිපත්‍යයට හා බල දේශපාලනයට විරුද්ධ විය යුතුය. ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව වැඩ කළ යුතුය .

කොරොනා වසංගතය දෙවන ලෝක යුද්ධය අවසානයෙන් පසු වඩාත් බරපතල මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙසට මානව ප්‍රජාව මුහුණ දී සිටිති. පසුගිය ශතවර්ෂයේ ඇති බරපතලම ගෝලීය වෙනසට මුහුණ දීම යනු මිනිසා සටන් කිරීමට හෝ එක්සත් වීමට තෝරා ගැනීම සහ ඔවුන්ගේ අනාගතය හා ඉරණම සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන