ශ්‍රී ලංකාවේ වැදගත් ඉදි කිරීම් ව්‍යාපෘති භාරව ක්‍රියා කරන චීන ව්‍යාපාර
2020-09-03 14:35:12
Share with:

වසංගතයෙන් ලෝකයේ බොහෝ කර්මාන්තවලට දැඩි පහරක් එල්ල වුණා. ඉන් ආර්ථිකයට සිදු වන බලපෑම් අවම කිරීමට, ශ්‍රී ලංකාව, චීනය ඇතුළු වසංගතය පාලනයට ලක් කර ස්ථාවර තත්ත්වයක පසු වන රටවල් දැන් වැඩි අවධානයක් යොමු කරනවා. එහිදී චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වන රටවල් සමග සහයෝගතාවන්ට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙනවා.

පසුගියදා චීනයේ චයිනා හාර්බර් ඉන්ජිනේරු කණ්ඩායමේ ශ්‍රී ලංකා කලාපීය සමාගමේ හා එහි සහයෝගතා ආයතනවල තාක්ෂණිකයන් 168 දෙනෙකු රැගත් චීන ජාත්‍යන්තර ගුවන් සේවා සමාගමේ CA559 විශේෂ ගුවන් යානය චීනයේ චෙන්ඩූ නගරයේ සිට කොළඹට ළඟා වුණා.

ශ්‍රී ලංකාවේ වැදගත් ඉදි කිරීම් ව්‍යාපෘති භාරව ක්‍රියා කරන චීන ව්‍යාපාර

චයිනා හාර්බර් සමාගම දැනට ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය, කොළඹ නාගරික ඝණ අපද්‍රව්‍ය පාලන ව්‍යාපෘතිය, කොළඹ ජන නිවාස ව්‍යාපෘතියක් ඇතුළු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ රාමුව තුළ සිදු කෙරෙන වැදගත් ඉදි කිරීම් කටයුතු භාර ගෙන තිබෙනවා.

නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු ශ්‍රී ලංකාව මාර්තු මස අග භාගයේදී රට වසා දැමීම, ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා අත්හිටුවීම ඇතුළු වසංගත පාලන විධිවිධාන යොදා ගත්තා. විදේශීය ව්‍යාපෘති ඉන් විශාල බලපෑමට ලක් වුණා. මෑතකදී ශ්‍රී ලංකාවේ වසංගත පාලනය ස්ථාවර තත්ත්වයක පවතිනවා. ඒ සමගම, චයිනා හාර්බර් සමාගම විසින් භාර ගත් බොහෝ ව්‍යාපෘතිවල ඉදි කිරීම් කටයුතු, කේන්ද්‍රීය අදියරට පිවිසී තිබෙනවා. ගිවිසුම්වල බැඳීම් මනා ලෙස ඉටු කිරීමට, ජ්‍යේෂ්ඨ විශේෂඥයින් හා තාක්ෂණිකයින් ඇතුළු කාරක මණ්ඩලයක් චයිනා හාර්බර් සමාගම විසින් ශ්‍රී ලංකාවට යවනු ලැබ තිබෙනවා. චීන ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම මේ සඳහා විශාල සහයෝගතාවක් දැක්වුවා.

ශ්‍රී ලංකාවේ වැදගත් ඉදි කිරීම් ව්‍යාපෘති භාරව ක්‍රියා කරන චීන ව්‍යාපාර

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අනුබල දැක්වීම සඳහා, චීන ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම පාකිස්ථානයේ කරච්චි හා ඉස්ලාමාබද් නගරවලටත්, චීන තාක්ෂණික කණ්ඩායම් ප්‍රවාහනය කර තිබෙනවා. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක් වන රටවල් සමග එක්ව පශ්චාත් වසංගත යුගයේදී හැකි ඉක්මනින් ආර්ථික පුනර්ජීවනයක් ඉටු කිරීම සඳහා චීන ව්‍යාපාර ක්‍රියා කරමින් පවතිනවා...

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන