ඉතිහාසය පාවා දෙන පව්කාරයන් නොවන ලෙස සමහර ඇමරිකානු දේශපාලනඥයන්ට උපදෙස් දීය යුතුයි
2020-09-02 20:11:37
Share with:

ඉතිහාසය පාවා දෙන පව්කාරයන් නොවන ලෙස සමහර ඇමරිකානු දේශපාලනඥයන්ට උපදෙස් දීය යුතුයි

හෙට ( 3) ජපානයට එරෙහි චීන ජනතාවගේ ප්‍රතිරෝධක යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 75 වන සංවත්සරයයි. අතීතය දෙස ආපසු හැරී බලන විට, වසර 14 ක ලේ වැගිරුණු අරගලයකින් පසු, චීන ජනතාව ජපානයට එරෙහි ප්‍රතිරෝධයේ යුද්ධය මිලියන 35 කට අධික ජීවිත හානිවලින් දිනා ගැනීමෙන් ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ අවසාන ජයග්‍රහණය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්හ. අතීතය දෙස බලන විට, යුද්ධයේ වේදනාව අත්විඳ ඇති මිනිසුන්ට තවදුරටත් පුනරාවර්තනය වීමට අවශ්‍ය නැත. සාමය හා සංවර්ධනය ලෝක ප්‍රවණතාවය බවට පත්ව තිබේ.

නව කොරෝනා වෛරස් වසංගතය ලෝක දේශපාලන හා ආර්ථික ව්‍යුහයට පහර දීමේ වර්තමාන කාලයෙදී සමහර ඇමරිකානු දේශපාලනඥයෝ නව සීතල යුද්ධයට අත වනමින්, භේදකාරී අරගලයට අනුබල දෙමින් ඉතිහාසයේ වැරදි පැත්තේ සිටගෙන සිටිති. මේ අවස්ථාවේ දී, ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ඓතිහාසික ජයග්‍රහණය සමාලෝචනය කිරීම ඉතා ප්‍රායෝගික වැදගත්කමක් දරයි

1930 ගණන් වලදී ජපානය, ජර්මනිය වැනි ෆැසිස්ට්වාදී රටවල් විසින් දියත් කරන ලද දෙවන ලෝක යුද්ධය මානව ඉතිහාසයේ අතිශය ඛේදනීය ව්‍යසනයක් ලෙස හැඳින්විය හැකිය. ලෝකයේ අනාගතය සහ ඉරණම පිළිබඳ සටනේදී චීනය, සෝවියට් සංගමය, ඇමරිකාවය, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් මිත්‍ර රටවල් එක්ව නැගෙනහිර හා බටහිර යුධ පිටියේ සතුරාට එරෙහිව සටන් කිරීමට අත්වැල් බැඳගත් අතර අවසානයේ ෆැසිස්ට්වාදය පරාජය කොට ලෝක සාමය ආරක්ෂා කළේය. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන නූතන ජාත්‍යන්තර සබඳතාවල නව පිළිවෙල ඇති වූ අතර එය ලෝක රටාවට දුරදිග යන බලපෑමක් ඇති කර තිබේ.

ඓතිහාසික ඛේදවාචකයන් නැවත ඇතිවීම වැළැක්වීම මුලු ලෝකයේ සියලු පාර්ශ්වයන්ගේ පොදු වගකීමකි. ඒ ඒ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරය ලෙස අන්තර්ජාතික පිළිවෙල හා පද්ධතිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමෙන්, ජයග්‍රාහී සහයෝගීතාවයෙන් නව ආකාරයේ ජාත්‍යන්තර සබඳතා සක්‍රීයව ගොඩනඟා ගැනීමෙන් ලෝක සාමය හා සංවර්ධනය ඒකාබද්ධව ආරක්ෂා කළ යුතුයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන