ඇමරි‍කාවේ බියකරු සිහිනයක් වී ඇති “ජන වර්ග සමානත්වය”
2020-09-01 10:00:52
Share with:

ජන වාර්ග වෙනස් ලෙස සැලකීමට එරෙහි පෙලපාලි මෑත දිනවල ඇමරිකාවේ අඛණ්ඩව සිදු විය. දස දහස් සංඛ්‍යාත පිරිසක් Wisconsin ජනපදයේ වීදිවලට රැස්වී පොලිස් නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් ව තුවාල ලැබූ අප්‍රිකා සම්භවය සහිත ඇමරිකානු ජාතික Jacob Blake මහතා වෙනුවෙන් සාධාරණ හා යුක්තිය ආයාචනය කළහ. පසුගිය 28 වනදා Martin Luther Kingගේ සමානත්ව අයිති පිළිබඳ සුප්‍රසිද්ධ දේශනය පළ කිරීමේ 57 වන සාංවත්සරික රැස්වීමේදී, එතුමාගේ වැඩිමහල් පුත්‍රයා ප්‍රකාශ කළේ, ඇමරිකාව පියා අපේක්ෂා කළ අයුරට පත් නොවූ බවත්, ජනතාව නපුරු සිහිනයක් දකිමින් සිටින බවත්ය.

නීතිරීති ඉදිරියේ ඕනෑ අයෙකුට සමාන අයිති හිමි වීම, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තියේ මූලධර්මයයි. ඇමරිකානු දේශපාලනඥයින්, මානව හිමිකම් ආරක්ෂකයෙකු සේ ස්වයංව නම් කර ගත්තද සිය රටේ පවතින බැරෑරුම් ජන වර්ග වෙනස් ලෙස සැලකීමේ ගැටළු විසඳීමේ හැකියාව තබා, කැමැත්තක් පවා ඔවුන් තුළ නොමැත. එරට ක්‍රමවේදවල අඩුපාඩු මෙන්ම ‘ඇමරිකානු මානව හිමිකම්’හි කුහකත්වය ඉන් අනාවරණය විය.

ප්‍රධාන ජන වර්ගය වන යුරෝපා සම්භවය සහිත සුදු ජාතිකයන් විසින් රටේ මූලික බලය පාලනය කරනු ලැබීම හා වෙනත් ජන වාර්ගිකයින් කෙරේ දක්වන පද්ධතිමය වෙනස් ලෙස සැලකීම, ඇමරිකාවේ ජාතික ගැටුම්හි කේන්ද්‍රීය ලක්ෂණයන්ය. ඇමරිකාවේ වර්ගවාදී තුවාලය, ප්‍රතිකාර නොලැබ, ගැටුම් හා ප්‍රචණ්ඩත්වයෙන් තව තවත් බරපතල වී, එය සුළු ජන වාර්ගිකයින්ට හුස්ම ගත නොහැකි ආකාරයේ වේදනාවකට හේතු වී ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන