චීනය සමග ගනුදෙනු කිරීම වැදගත් කොට සලකන ඇමරිකානු ව්‍යාපාරිකයන්
2020-08-29 19:56:19
Share with:

චීනය සමග ගනුදෙනු කිරීම අනිවාර්ය නොවන බව ඇමරිකානු නායකයෝ මෑතකදී ප්‍රකාශ කළහ. එහෙත් එම ප්‍රකාශය විෂ බෙහෙත් සේ එරටේ ව්‍යාපාරිකයන්ගේ දැඩි විරෝධයට ලක් විය.

වත්මන් ආර්ථික ‍ගෝලීයකරණ යුගයේ, විශේෂයෙන් පශ්චාත් වසංගත යුගයේදී, හුදෙකලාව සිටිය හැකි රටක් නොමැත. නිෂ්පාදන හා ව්‍යාපාරික කටයුතු ආරම්භ කරමින් ආර්ථිකයේ විධිමත් තත්ත්වය පුනරුත්ථාපනය කිරීම හා සිය කර්මාන්ත දාමයේ සැපයුම සහතික කිරීම විවිධ රටවලට හදිසි අවශ්‍යතාවකි.මේ තත්ත්වය යටතේ කුණාටුවෙන් බේරී ඉදිරියට ගමන් කළ හැක්කේ, එකිනෙකට සහාය දීමෙන් පමණි.

ඇමරිකානු ව්‍යාපාරවලට, චීන වෙළඳපොල අතිශයෙන් වැදගත් බව පැහැදිලිය. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනගා ගත වූ වසර 40 තුළ ආර්ථික, වෙළඳ, සංස්කෘතික, විද්‍යා තාක්ෂණ යන ක්‍ෂේත්‍ර තුළ අන්‍යෝන්‍ය යහපත් සහයෝගතා සාරවත් සේ සිදු කෙරිණ. දේශපාලන රඟපෑම් සිදු කිරීමට පුරුදු ඇමරිකානු දේශපාලනඥයින් ස්වදේශීය ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිලාභයන්ට හානි කිරීමට තැත් කිරීම නතර කොට ඔවුන්ගේ හඬට මනා ලෙස සවන් දිය යුතුය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන