මයික් පොම්පියෝ ඇමරිකානු ෆෙඩරල් නීති රීති උල්ලංඝනය කළේ දැයි සෙවීමට පරීක්ෂණයක්...
2020-08-28 20:20:53
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගියදා කුමන්ත්‍රණ ඉලක්ක ඇතිව මැදපෙරදිග චාරිකාවක නිරත විය. මෙවර ඔහුගේ අරමුණක් වන්නේ ඉරානයට පීඩනය එල්ල කිරීම බව පැහැදිලිය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, ඉරාන න්‍යෂ්ටික ගිවිසුම වලංගු වීමෙන් අනතුරුව සම්මත කළ තීරණයකට අනුව, ඉරානයට එරෙහි අවි ආයුධ ප්‍රවාහන තහනම 2020 වසරේ ඔක්තෝබර් මාසයේ 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. එම තහනම අවලංගු වන දිනය ළඟා වන බැවින්, අදාළ තහනම දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාවක් ඇමරිකාව ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළේය. එහෙත් ආරක්ෂක මණ්ඩලය තුළදී පක්ෂපාති එක්ඡන්දයක් පමණක් ලැබූ ඇමරිකාව අපහසුතාවයට පත් විය.

එම ප්‍රතිඵලය පිළි ගැනීමට අකමැති මයික් පොම්පියෝ, මෙවර සිය මැදපෙරදිග සංචාරය තුරදී ‘ඉරානයේ අයහපත් බලපෑම්වලට පොදුවේ විරුද්ධ විය යුතු’ බවට කිහිප වරක් අවධාරණය කළේය. එහෙත් ආරක්ෂක මණ්ඩලයේ බහුතර සාමාජික රටවල් පෙන්වා දී ඇත්තේ, වසර 2018 දී ඒකපාර්ශ්වික වශයෙන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වූ ඇමරිකාවට ගිවිසුමේ සාමාජිකත්වය අහිමි වී ඇති අතර එරටේ ඉල්ලීම තුළ කිසිදු නිත්‍යානුකූල පදනමක් නොමැති බවයි.

සිය මැදපෙරදිග සංචාරයේදී, ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ ජාතික නියෝජිත සම්මේලනයට වීඩියෝ ආකාරයෙන් එක් වෙමින් ඇමරිකානු නායකයාගේ අඛණ්ඩ ජනාධිපතිත්වයට අනුබල දැක්වීමට මයික් පොම්පියෝ අමතක නොකළේය. එහෙත් ඔහුගේ මෙම ක්‍රියාව, රාජ්‍ය ලේකම්වරයා, පක්ෂයක ක්‍රියාකාරකම්වලට එක් නොවිය යුතු බවට ඇමරිකාවේ පැවති දිගු කාලීන සාම්ප්‍රදාය කඩා බිඳ දැමීමකි. මයික් පොම්පියෝගේ ක්‍රියාව මගින් ෆෙඩරල් නීති රීති උල්ලංඝනය වූයේ ද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව, ඇමරිකානු මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් නම් කෙරුණු විශේෂ සභාපති කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන