ඇමරිකාව චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ගත් තවත් උත්සාහයකට එරෙහිව චීනයෙන් දැඩි ප්‍රතිචාර
2020-08-27 20:08:08
Share with:

චීනයේ දකුණු චීන මුහුදු කලාපයේ කෘත්‍රිම දූපත් ඉදි කිරීම්වලට එක් වන චීන ව්‍යාපාර, සම්බාධක නාමාවලියට ඇතුළත් කරන බවත් එම කලාපයේ දූපත්වල සංවර්ධනයට එක් වන චීන ජාතිකයන්ට ‍එරෙහිව වීසා තහනම පනවන බවත් ඇමරිකාව ඊයේ(26) ප්‍රකාශ කළේය. එය ඇමරිකාව චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ගත් තවත් උත්සාහයකි. එම දාමරික ක්‍රියාවට එරෙහිව චීනය අනිවාර්ය විධිවිධාන යොදා ගනිමින් සිය ස්වාධිත්‍යය, සුරක්ෂිතතාව හා සංවර්ධන අයිතිය ස්ථිර ලෙස ආරක්ෂා කරනු ඇත.

දකුණු චීන මුහුදු කලාපයේ ස්වාධිපත්‍යය හා එහි මුහුදු අයිති පිළිබඳව චීනයට පූර්ණ ඓතිහාසික හා නෛතික සාක්ෂි ඇත. සිය දේශභූමිය මත සංවර්ධන කටයුතුවල ‍නිරත වීම ස්වාධිපත්‍යය හිමි රටකට හිමි සාධාරණ අයිතියකි.

දකුණු චීන මුහුදු කලාපයේ ස්වාධිපත්‍යය පිළිබඳව මතභේද පවතිය ද සාමය හා සහයෝගතාව ප්‍රවර්ධනය, එම කලාපයේ රටවල පොදු අදහසකි. විවිධ රටවල ප්‍රයත්න යටතේ දකුණු චීන මුහුදු කලාප‍ය ස්ථාවර තත්ත්වයක පවතී. සාමකාමී, සුහද හා සහයෝගතා ඇති කලාපයක් ලෙස එය ගොඩනැගීම පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගේ අධිෂ්ඨානය පැහැදිලිය.

චීනය හැම විටම සාමකාමී සංවර්ධන මාර්ගය ඔස්සේ ගමන් කළද, සිය ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතියට හානි වන ප්‍රතිඵලයන් පිළි නොගනී. ඇමරිකාව අඛණ්ඩව දකුණු චීන මුහුදු කලාපයේ කරදර හා ගැටළු ඇති කිරීමෙහි නිරත වුවහොත්, ඊට දැඩි ප්‍රතිප්‍රහාර චීනයෙන් එල්ල වනු ඒකාන්තය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන