චීන විවෘතභාවය හා ප්‍රතිසංස්කරණයේ ජයග්‍රහණ උරුම කර දෙන ෂෙන්චෙන් නගරය
2020-08-27 13:45:00
Share with:

 චීනයේ පළමු වන විශේෂ ආර්ථික කලාපය වන ෂෙන්චෙන් නගරයේ, ‘කාලය මුදල් ලෙසත්, කාර්යක්ෂමතාව ජීවිතය ලෙසත්’ සැලකෙනවා. මෙහි ජනතාව ‘ෂෙන්චෙන් වේගය’ පිළිබඳව විශ්මයට පත් වන අතර මෙම නගරයේ ‘උණුසුම’ ද දැනෙනවා.

චීනයේ ප්‍රාණවත්භාවය සපිරි යොවුන් ම නගරයක් වශයෙන්, ෂෙන්චෙන් නගරය හැම විටම දෙස් විදෙස් ව්‍යාපාරිකයන් ආකර්ෂණය කර තිබෙනවා. ශීඅන් නගරයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධි ලාභී, ජාන් චාඕහුයි ඔවුන් අතරින් කෙනෙක්. අවුරුදු ගණනාවකට පෙර ඔහු සහ හවුල්කරුවන් ඉදිරියේ තෝරා ගැනීම් දෙකක් තිබුණා. එකක්, හුරුපුරුදු ශීඅන් නගරයේ රැඳී සිටීම වූ අතර තවත් තෝරා ගැනීම වූයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ පුරෝගාමී ෂෙන්චෙන් නගරයට ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. දෙවැනි තෝරා ගැනීම සිදු කළොත්, සියළු දේවල්, ශුන්‍ය තත්ත්වයක සිට ගො‍ඩනැගීමට සිදුවන බවට ද ඔහුට අවබෝධයක් තිබුණා.

එහෙත්, නුහුරු ෂෙන්චෙන් නගරය, ජාන් චාඕහුයි ඇතුළු අලුතෙන් පැමිණෙන්නන්ට උදාසීන ව සැලකුවේ නෑ. සිය සිහිනය ඉටු කිරීමට පැමිණි තරුණ පරපුරට එහි නාගරික රජය හැකි සෑම විධියකින්ම සහාය සලසා දී තිබෙනවා. තරුණ ප්‍රවීණයන්ගේ සංයෝගාත්මක සේවා මධ්‍යස්ථාන ගොඩනගා, තරුණ ව්‍යාපාරිකයන්ට නොමිලේ නවාතැන් සපයන අතර, විවිධාකාර රැකියා උපදෙස් සේවාවන් ද ලබා දී තිබෙනවා. මේ වන විට ෂෙන්චෙන් නගරයේ එවැනි තරුණ ප්‍රවීණයන්ගේ සංයෝගාත්මක සේවා මධ්‍යස්ථාන 15ක් ස්ථාපිත කර තිබෙනවා.

ෂෙන්චෙන් නගරයේ පිට ප්‍රදේශවලින් ජනගහණය ආකර්ෂණය කිරීමේ හැකියාව, අඛණ්ඩව චීනයේ පළමු ස්ථානයේ පසු වෙනවා. පදිංචි වීමේ ලිහිල් ප්‍රතිපත්තිය, අවම නිවාස කුලී ප්‍රමිතිය, අලුතෙන් ආරම්භ කෙරෙන ව්‍යාපාරවලට දීමනා ඇතුළු ප්‍රතිපත්ති හේතුවෙන්, අද ෂෙන්චෙන් නගරය සුවිශාල චුම්බකයක් සේ, ප්‍රවීණයන් ආකර්ෂණය කරමින් පවතිනවා.

කුඩා ධීවර ගම්මානයක සිට කෝටි දෙකක ජනගහණය ඇති මහ නගරයක් දක්වා පරිවර්තනය වීමට ෂෙන්චෙන් නගරය ගත කළේ වසර 40ක් පමණයි. එම කාලය තුළදී ෂෙන්චෙන් නගරයට ලෝකයේ නාගරීකරණය හා කාර්මිකකරණයේ හාස්කමක් නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා.

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ආරම්භ වීමේ 40 වැනි සංවාත්සරික සම්මේලනයට එක් වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙසේ සඳහන් කළා‍:

‘වත්මන් යුගයෙන් යමක් තමාට හිමිකර ගත හැකි යැයි සෑම කෙනෙක් තුළම විශ්වාසයක් බිහි කිරීම, ප්‍රතිසංස්කරණ කරුවන්ගේ අවසාන ඉලක්කයයි...’

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන