චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී මාර්ගය ගවේෂණය කිරීමේ පිළිබිඹුවක් වන ෂෙන්චෙන් නගරය
2020-08-26 19:43:04
Share with:

අගෝස්තු 26 වනදා චීනයේ ෂෙන්චෙන් විශේෂ ආර්ථික කලාපයේ 40 වැනි සාංවත්සරික දිනය සැමරිණ. ගෙවී ගිය වසර 40 තුළ ෂෙන්චෙන්, කුඩා නගරයක සිට ප්‍රාණවත් ජාත්‍යන්තර නගරයක් බවට පත් වී ඇත.

වසර 1978 චීනයේ විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ මෙන්, සමාජවාදී නවීකරණ ක්‍රියාදාමය ආරම්භ විය. ඉන් වසර දෙකකට පසුව, ෂෙන්චෙන් විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත විය. පසුගිය වසර 40 තුළ එම කලාපයේදී, වෙළඳපොල ප්‍රමුඛ කර ගත් ආර්ථික ක්‍රමවේද ප්‍රතිසංස්කරණය ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක කොට සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ රාමුව ද ප්‍රථමයෙන්ම ගොඩනගා තිබේ. අත්හදා බැලීම් කලාපය ලෙස සංවර්ධනය වන එම කලාපය,වෙළඳපොල ආර්ථිකය මුළු රටටම හඳුන්වා දීම ප්‍රවර්ධනය කර ඇත.

සංවර්ධන හාස්කම් නිර්මාණය කිරීමේදී විද්‍යා හා තාක්ෂණ නිර්මාණශීලිත්වය හැම විටම ෂෙන්චෙන් නගරයේ ප්‍රධානම එන්ජිමක් විය. එම නගරය වෙළඳපොළකරණය, නෛතික පාලනකරණය හා ජාත්‍යන්තරකරණය කරා ද අඛණ්ඩව ගමන් කරමින් සංවර්ධන පදනම නොකඩවාම තහවුරු කර ඇත. වසර 40ක් තුළ ෂෙන්චෙන් නගරය හැම විටම විවෘත ආකල්පයෙන් ලෝකය වැළඳ ගෙන ඇත. එමගින් සිය සංවර්ධන අවකාශ පුළුල් වී ඇති අතර ලෝකයටත් අලුත් අවස්ථා එකතු කර ඇත.

ෂෙන්චෙන් නගරයේ වසර 40ක ප්‍රතිසංස්කරණ හා විවෘත ඉතිහාසය, චීනය සිදු කරන ඓතිහාසික ප්‍රතිසංස්කරණ ජයග්‍රහණයේ නිදසුනකි. එය චීන ආණ්ඩු පක්ෂය ජනතාව සමග එක් ව චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී මාර්ගය ගවේෂණය කිරීමේ පිළිබිඹුවක් ලෙස ද සැලකිය හැකිය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන