ගෙවී ගිය වසර 40 මතින් එළඹෙන වසර 40කට අලුත් පරිවර්තනයක්
2020-08-26 15:48:29
Share with:

මේ වසරේ අගොස්තු 26 වැනිදා, චීනයේ ෂෙන්චෙන් විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත වීමේ 40 වැනි සංවත්සරයයි. ගෙවී ගිය වසර 40 තුළ, කුඩා ගම්මානයක් වූ ෂෙන්චෙන් නගරය කෝටියකට වැඩි ජනගහණය හිමි නවීන නගරයක් ලෙසට පරිවර්තනය වී තිබෙනවා. ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පසු චීනයේ සිදු වූ දැවැන්ත වර්ධනය එහිදී දක්නට ලැබෙනවා.

2012 වසරේ දෙසැම්බර් මස 8 වනදා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලෙක්ම් ධුරයට පත්වූ ෂී ජින් පිං මහතා, ෂෙන්චෙන් නගරය තම ප්‍රථම දේශීය නිරීක්ෂණ ගමනාන්තය ලෙසට තෝරා ගත්තා. හිටපු චීන නායක ඩෙන්ග් ෂියාඕ පිං මහතා ගේ පිළිරුවක් සහිත ලියැන් හුවා කන්දට ගොස් එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. වසර 1992 වසරේ ඩෙන්ග් ෂියාඕ පිං මහතා දකුණු චීනයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවේ සිට ප්‍රතිසංස්කරණය හා විවතෘභාවය මුළු චීනයේ ක්‍රියාත්මක කර තිබෙනවා. 2012 වසරේ ෂී ජින් පිං මහතා ෂෙන්චෙන් නගරය නිරීක්ෂණය කළ අවස්ථාවේදී ප්‍රකාශ ‍කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එදා ගත් තීන්දු තීරණ, නිවැරදි බව අද සනාථ වී ඇති බවයි. ඉදිරියේදීත් එම නිවැරදි ක්‍රියාමාර්ගය ඔස්සේ අඛණ්ඩව ගමන් කළ යුතු අතර ප්‍රබල රටක් මෙන්ම ධනාත්මක ජනතාව වෙනුවෙන් දායක විය යුතු බව ද හෙතෙම එහිදී අවධාරණය ක‍ළා.

2018 වසරේ ඔක්තොම්බර් මාසයේ, චීනයේ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක වූ 40 වැනි සංවත්සරයේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නැවත ෂෙන්චෙන් නගරයට පැමිණියා. අස්ථිර ජාත්‍යන්තර සාධකයන් නොකඩවාම වැඩි වෙමින් චීනයේ ප්‍රතිසංස්ණය දැඩි අදියරකට ප්‍රවේශ වී තිබුණා. එවන් වාතාවරණය හමු වේ චීනය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ‍ෂි ජින් පිං මහතා එහිදී පිළිතුරු දුන්නා. චීනය අනුගමනය කරන විවෘත හා ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය අත්‍ නොහරින බව හෙතෙම නැවතත් ලෝකයට ප්‍රකාශ කළා. ගෙවී ගිය වසර 40 තුළ, චීනයේ සංවර්ධනය ලෝකයට පුදුමය දනවන දෙයක් බවට පත්ව තිබෙනවා. එය කවර අභියෝග මෙන්ම අසීරුතා තිබුණද තවදුරටත් ඉදිරියට මෙහෙයවනු ඇතැයි හෙතෙම පැවසුවා. එළඹෙන වසර 40 තුළ, අලුත් ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමට චීනයට හැකියාවක් ඇතැයි ද හෙතෙම විශ්වාස කරනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන