පාශ්චාත් වසංගත යුගයේ හා අනාගතයේ ලැන්කන්-මෙකොන් රටවල සහයෝගතාවට නව බලයක් එකතු කෙරේ
2020-08-25 19:45:00
Share with:

ලැන්කන්-මෙකොන් ගඟාශ්‍රිත සහයෝගතාව පිළිබඳ තුන්වන නායක සමුළුව ඊයේ(24) වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ. චීන අගමැති ලී ක ච්‍යං මහතා එම සමුළුවට එක් විය. ජල සම්පත් සහයෝගතාව, වෙළඳාම වැඩිදියුණු කිරීම, සන්නිවේදන හා ගමනාගමන ප්‍රවර්ධනය කිරීම, අඛණ්‍ඩ සංවර්ධනය පිළිබඳ සහයෝගතාව පැවැත්වීම, ජන ක්ෂේත්‍රයේ සහයෝගතාව ව්‍යාප්ත කිරීම හා විවෘතභාවය පිළිබඳ සංකල්පය ක්‍රියාත්මක කිරීම යන ක්ෂේත්‍ර හය පිළිබඳව ඔහු එහිදී යෝජනා ඉදිරිපත් කළේය. එම සමුළුවෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු වියන්ටියාන් ප්‍රකාශනයට චීන පාර්ශ්වය සැපයූ යෝජනා රැසක් ඇතුළත් කර ඇත.

ලැන්කන්-මෙකොන් ගඟාශ්‍රිත කලාපවල රටවල් අතර දේශපාලන හා ආරක්ෂක සහයෝගතා හවුල්කාරීත්වය, ආර්ථික හා අඛණ්ඩ සංවර්ධන සහයෝගතා හවුල්කාරීත්වය, සමාජ හා සංස්කෘතික හුවමාරු හවුල්කාරීත්වය හා ලැන්කන්-මෙකොන් සහයෝගතා ක්‍රමයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට ද එහිදී එකඟතාව පළ කෙරිණ. මෙය පාශ්චාත් වසංගත යුගයේ හා අනාගතයේ එම කලාපයේ රටවල සහයෝගතාවට නව බලයක් එකතු කළ හැකි යැයි විශ්වාස කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන