දේශාපාලන පාටවලින් තොර විය යුතු කොරොනා එන්නත
2020-08-24 19:22:03
Share with:

එන්නත්, වත්මන් බැරෑරුම් වසංගත තත්ත්වය මර්දනය කිරීමේ බලවත් මෙවලමක් ලෙස සැලකේ. මෑතකදී ඇතැම් රටවල එන්නත් පර්යේෂණය හා එය වෙළඳපොලට ප්‍රවේශ කිරීමේ ක්‍රියාදාමය පිළිබඳ හොඳ ආරංචි රැසක් ලෝක වාසීන්ට විශ්වාසය හා බලාපොරොත්තු එකතු කර ඇත. එහෙත් එන්නත් පර්යේෂණය හා සංවර්ධනයට, දේශපාලන වර්ණය ගැන්වීමට ඇතැම් ඇමරිකානුවන් උත්සාහ කිරීම, කණගාටුදායකය.

එන්නත්, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින් විසින් ගැටුම් ඉලක්ක වෙනස් කරමින් ඡන්ද දිනා ගැනීමේ මෙවලමක් බවට පත් කර ගෙන ඇත. චීනය ඇමරිකාවේ එන්නත් තාක්ෂණය හා දත්ත සොරකම් කරන බව ප්‍රසිද්ධියේ බොරු පවසමින් එන්නත් භාවිත කිරීමේ හා බෙදා දීමේ ප්‍රමුඛ බලය නතු කර ගැනීමට ඔවුන් උත්සාහ කර ඇත. එන්නත් මගින් විශාල ප්‍රතිලාභයක් ලබා ගැනීම ද ඔවුන්ගේ තවත් අරමුණකි.

ඇමරිකාවේ වසංගත පාලනය පරාජය වී ඇති තත්ත්වය යටතේ, ධවල මන්දිරයේ අඛණ්ඩව රැඳී සිටීමට තැත් කරමින් සිටින ඇමරිකානු දේශපාලනඥයින්ට, එන්නත්, අවාසි තත්ත්වයෙන් තමාව මුදවා ගැනීම අනිවාර්යයකි. රටේ වසංගතයේ බැරෑරුම්බව සලකමින් ඇමරිකානු රජයට එන්නත් සඳහා හදිසි අවශ්‍යතාව තිබීම අවබෝධ කර ගත හැකිය. එහෙත්, ලෝකයේ බහුතර ජනගහනය සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල්, වඩාත් කැපී පෙනෙන පොදු සෞඛ්‍ය සේවා හා සම්පත් හිඟතාවට මුහුණ පාමින් සිටියි. වත්මන් අවදානමෙන් බේරා ගැනීමට එම රටවලට සහාය ලබා දීම, ජගත් ප්‍රජාවේ වසංගතයට එරෙහි සටනට අතිශයෙන් වැදගත්ය. ඇමරිකාව ඇතුළු ඇතැම් රටවල්, එන්නත් සම්පත් සඳහා තරග වැදීම තුළින්, දිළිඳු රටවලට ලබා ගත හැකි එන්නත් සංචිතය බොහෝ දුරට අවම විය හැකි බව බ්‍රිතාන්‍යයේ The Ecologist සඟරාවේ ලිපියක් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන