ඇමරිකානු ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක Steve Bannon, මුදල් වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට
2020-08-21 20:01:29
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක Steve Bannon, මුදල් වංචා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට

ඇමරිකානු ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක Steve Bannon ඊයේ (20) අත්අඩංගුවට ගැනුණු බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. දකුණු ඇමරිකාවේ දේශසීමා තාප්පය ඉදි කිරීම් සඳහා වන පරිත්‍යාග මුදල් වංචනික ලෙස යොදා ගැනීම හේතුවෙන් Steve Bannon අත්අඩංගුවට පත්ව සිටී. මීට වසර 3කට පෙර ධවල මන්දිරයෙන් නෙරපා හැරීමෙන් පසු, ඔහු දැඩි උත්සාහයක නිරත වී සිටියේ ආපසු ධවල මන්දිරයට යාමට ය. ඒ සඳහා ඔහුට විශාල මුදලක් අවශ්‍ය ව තිබිණ.

Steve Bannon, එම අපේක්ෂාවෙන් යුතුව සිය සගයන් සමග එක්ව, 2018 වසරේ දී දකුණු ඇමරිකාවේ දේශසීමා තාප්පය ඉදි කිරීම් සඳහා පරිත්‍යාග මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළේ ය. එමගින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රසාදය දිනා ගැනීමට ඔහු අදහස් කළේ ය. මේ වන විට එම ව්‍යාපාරය තුළින් Steve Bannon ලක්ෂ සංඛ්‍යාත පිරිසකගෙන් ඇමරිකානු ඩොලර් දෙකෝටි 50 ලක්ෂයක ත්‍යාග මුදලක් වංචා කර ඇතැයි, ඒ.පී. පුවත් සේවය වාර්තා කරයි. තාප්පය ඉදිකිරීම් ‍වෙනුවෙන් භාවිත කර ඇත්තේ එම ත්‍යාග මුදලින් කොටසක් පමණකි. තවත් කොටසක් Steve Bannon හා ඔහුගේ සගයන් විසින් තම පුද්ගලික අවශ්‍යතාවන් සඳහා වියදම් කරන ලදී. 2019 වසරේ ඔක්තෝබර් මස අධිකරණ විමර්ශනයට මුහුණ දීමට සිදුවන බව වටහා ගත් Steve Bannon, සිය නීතිවිරෝධි ක්‍රියා වසන් කිරීමට පියවර ගත් බව මාධ්‍ය වාර්තාවලින් හෙළි වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් ද, ඇමරිකානු රජයට පක්ෂපාත සහායකයෙකු වශයෙන් ද Steve Bannon හැසිරී ඇත්තේ, ජනාධිපතිවරයාගේ හා රජයේ නම්බුවට හානි ගෙන දෙමිනි. Steve Bannon වැනි දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ රජය හා ජනතාව වෙනුවෙන් සේවය කරන බව කියා සිටියත්, අප්‍රසිද්ධියේ කටයුතු කරන්නේ තමන්ගේ ම වාසි වෙනුවෙන් රටට හා ජනතාවට පාඩු කරමිනි. එවැන්නන් මෙවන් අපිරිසිදු ගනුදෙනු තව කොපමණ කර ඇත්දැයි, අපට නිතැතින්ම සිතේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන