චීනයේ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත් වන ඩිජිටල් ආර්ථිකය
2020-08-20 21:20:58
Share with:

චීනයේ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත් වන ඩිජිටල් ආර්ථිකය

ඩිජිටල් ආර්ථිකය, චීනයේ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රබල සාධකයක් බවට පත් වෙමින් තිබේ. කොරොනා වසංගතය පැතිර ගිය කාලයේ ඩිජිටල් ආර්ථිකය පදනම් වූ රැකියා රැසක් චීන සමාජ ජීවිතය ස්ථාවර මට්ටමින් පවත්වාගෙන යාමට උපකාරී විය. පශ්චාත් කොරොනා සමයේ එම රැකියා ක්ෂේත්‍ර තව තවත් වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබේ. කොරොනා වසංගතය හේතුවෙන් අන්තර්ජාල වාණිජ්‍යය සහ සජීවී විකාශනය වැනි කර්මාන්තවල සංවර්ධනය වේගවත් වී ඇති බවත්, චීන රැකියා වැඩි වැඩියෙන් ඩිජිටල්කරණය වී ඇති බවත්, ඇමරිකානු පාරිභෝගික පුවත් සහ වාණිජ නාලිකාව පසුගිය දා ලිපියක් පළ කරමින් සඳහන් කර තිබේ.

චීන ඩිජිටල් ආර්ථිකයේ රැකියා සඳහා ඇති ඉල්ලුම් විවිධාංගීකරණය වී ඇති අතර රැකියාවන්ට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සඳහා ඇති ඉල්ලුම් පවතින්නේ ද විවිධ මට්ටමිනි. ඩිජිටල් ආර්ථිකය තුළ උසස් අධ්‍යාපනය ලද වෘත්තිකයින් මෙන් ම සේවා පළපුරුද්ද සහ අධ්‍යයන සුදුසුකම් සඳහා වඩාත් ලිහිල් අවශ්‍යතා සහිත තනතුරු විශාල සංඛ්‍යාවක් ද අවශ්‍ය වෙයි. ඩිජිටල් ආර්ථිකයේ රැකියා නියුක්තිකයන්ගේ වැටුප් මට්ටම සාපේක්ෂ ව ඉහළින් පවතින බැවින් ඩිජිටල් ආර්ථිකයට අදාළ ක්ෂේත්‍රයන්ට ප්‍රවීණයෝ වැඩි වශයෙන් ආකර්ෂණය වෙති. මෑත වසරවල, ඊ-වාණිජ්‍යය, හුවමාරු ආර්ථිකය, වේදිකා ආර්ථිකය වැනි කර්මාන්තවල සීග්‍ර වර්ධනයත් සමග අර්ධ-කාලීන රැකියා තනතුරු විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත.

ඩිජිටල් ආර්ථිකයේ දියුණුව, චීනයේ "රැකියා ස්ථාවර කිරීම" සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් තිබේ. වසර 2019 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය 67.7% කට ළඟා විය. 2019 සහ 2020 වසර වලදී චීනය නව රැකියා 29 ක් නියම කළේ ය. ඒ අතරින් 75%ක් ඩිජිටල් ආර්ථිකයට අදාළ රැකියා ය. වසර 2035 වන විට චීනයේ සමස්ත ඩිජිටල් ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 16ක වටිනාකමක් බිහි වනු ඇත. එමගින් සමස්තයක් ලෙස රැකියා අවස්ථා 41 ‍කෝටි 50 ලක්ෂයක් නිර්මාණය කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන