බාහිර පීඩනය හේතුවෙන් චීනයේ විද්‍යා හා තාක්ෂණ දියුණුව හා ප්‍රගතිය කිසි විටෙකත් නතර කළ නොහැක
2020-08-20 10:22:05
Share with:

බාහිර පීඩනය හේතුවෙන් චීනයේ විද්‍යා හා තාක්ෂණ දියුණුව හා ප්‍රගතිය කිසි විටෙකත් නතර කළ නොහැක

පොම්පියෝ‍ ගේ බොරු ගෝලීය සමාගම් ඇමරිකාවෙන් ඈත් කරයි

ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 17 වන දින ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව විසින් Huawei ස‍මාගමට ඇමරිකානු තාක්‍ෂණය ග්‍රහණය කර ගැනීම පිළිබඳ සීමාවන් තවදුරටත් දැඩි කර රටවල් 21 ක Huaweiහි උප සමාගම් 38 ක් “ආයතන ලැයිස්තුවට” ඇතුළත් කළ බවයි. මෙය ටික්ටොක් මර්දනය කිරීමෙන් හා මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ චීනයේ 5G ජාල ඉදිකිරීම ගැන අපහාස කිරීමෙන් පසු මයික් පොම්පියෝ විසින් ක්‍රියාත්මක කරන ලද චීන ව්‍යවසායයන්ට එරෙහි තවත් මර්දනයකි. ඔවුහූ වෙළඳපල ආර්ථිකයේ නීතිරීති ‍නොතකමින්, සාධාරණ තරඟකාරීත්වයේ මූලධර්මය උල්ලංඝනය කරමින්, වෙනත් රටවල් විසින් නීත්‍යනුකූලව ක්‍රියාත්මක කරන ව්‍යවසායන් වට කර ගැනීමට රාජ්‍ය බලය උමතුවෙන් මෙන් භාවිත කරති. ඉන් සිදුවන්නේ ගෝලීය කාර්මික දාමය, සැපයුම් දාමය සහ වටිනාකම් දාමය විනාශ කිරීම පමණක් නොව, ඇමරිකාවේ ජාතික අවශ්‍යතා සහ ස්වයං ප්‍රතිරූපයට හානි පමුණුවා, ගෝලීය බහුජාතික ව්‍යවසායයන් ඇමරිකාවෙන් වෙන් වීම වේගවත් කිරීම පමණි.

උපකරණ හෝ මෘදුකාංග සමඟ නිපදවන ඕනෑම අර්ධ සන්නායක චිපයක් මුලින්ම Huawei වෙත අලෙවි කිරීමට පෙර ඇමරිකානු පාර්ශවයෙන් බලපත්‍රයක් ලබා ගත යුතු බව ඇමරිකාවේ තහනමෙන් නිශ්චිතව දක්වා ඇති බව වටහා ගත හැකිය. මෙම තහනම "ඇමරිකානු ජාතික ආරක්ෂාව, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සහ 5G යටිතල පහසුකම් අඛණ්ඩතාව" ආරක්ෂා කිරීම බව මයික් පොම්පියෝ කිසිදු ලැජ්ජාවකින් තොරව ප්‍රකාශ කර තිබේ.

කිසිදු සාක්ෂියක් නොමැතිව, ඇමරිකාව නිරන්තරයෙන් රාජ්‍ය බලය අනිසි ලෙස භාවිත කර ඇති අතර ඇතැම් චීන ව්‍යවසායන්ට එරෙහිව

විවිධ සීමාකාරී පියවර ගෙන ඇති අතර එමඟින් වෙළඳපල කනස්සල්ලට පත්ව ඇත. වාණිජ චිප අලෙවිය සඳහා ඇමරිකානු රජය විසින් පනවා ඇති සීමාවන් ඇමරිකානු අර්ධ සන්නායක කර්මාන්තයට සැලකිය යුතු හානියක් සිදු කරනු ඇතැයි ඇමරිකානු අර්ධ සන්නායක කර්මාන්ත සංගමයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් නොයිෆි මහතා කියා සිටී.

මයික් පොම්පියෝ ඇතුළු පිරිස ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා ආර්ථික හා වෙළඳ ගැටළු දේශපාලනීකරණය කළ අතර, චීන හා ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු ගෝලීය ව්‍යවසායන්හි අවශ්‍යතාවන්ට බරපතල ලෙස හානි කරමින් මැකාතිවාදයේ අවතාරය වාණිජ ක්ෂේත්‍රයට තල්ලු කිරීමට උත්සාහ කළහ. චීන ව්‍යවසායන් ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් වැඩ කටයුතු කිරීමට බාධා කරන ඔවුහූ ගෝලීය විද්‍යාත්මක හා තාක්‍ෂණික සංවර්ධනයේ ප්‍රවණතාවයට පටහැනිව හා ලෝකයේ ජනතාවගේ යහපැවැත්මට හානි කරති. ගෝලීය සුපිරි බලය අඳුරු මිථ්‍යාදෘෂ්ටිය මගින් පවත්වා ගත නොහැකි බවත්, බාහිර පීඩනය හේතුවෙන් චීනයේ විද්‍යා හා තාක්ෂණයේ දියුණුව හා ප්‍රගතිය කිසි විටෙකත් නතර නොවන බවත් ඔවුන්ට වඩාත් පැහැදිලි විය යුතුය!‍

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන