ඇමරිකානු ජනාධිපතිවරයාගේ “චීන වසංගතය”හා“චීන වෛරසය”යන ප්‍රකාශන එරට විවිධ ප්‍රජාවන්හි විවේචනයට ලක් වෙයි
2020-08-19 19:18:53
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයාගේ “චීන වසංගතය”හා“චීන වෛරසය”යන ප්‍රකාශන එරට විවිධ ප්‍රජාවන්හි විවේචනයට ලක් වෙයි

මෑතකදී ඇමරිකානු ජනාධිපතිවරයා කොරොනා වසංගතය පිළිබඳ කතා කළ බොහෝ අවස්ථාවලදී“චීන වසංගතය”හා“චීන වෛරසය”යන ප්‍රකාශන භාවිත කර තිබේ. එම ක්‍රියා කලාපය ඇමරිකානු සමාජයේ විවිධ ප්‍රජාවන්හි විවේචනයට ලක් වී ඇත. කොරොනා වෛරසය හා වසංගතය සඳහා බොහෝ කලක සිට නිශ්චිත නම් නිගමනය කර ඇති බවත්, එය නියත වශයෙන්ම ඊනියා "චීන වෛරසය" වැනි ප්‍රකාශනයක් නොවන බවත්, ඇමරිකාවේ CNN ආයතනය ලිපියක් පළ කරමින් පවසා තිබේ. රටේ නායකයින් කොරොනා අර්බුදය දෙස මුළුමනින්ම පෞද්ගලික හා දේශපාලන දෘෂ්ටිකෝණයකින් බැලූ බව ඇමරිකාවේ The Atlantic සඟරාවේ ආරාධිත ලේඛක George Parker මහතා පෙන්වා දී ඇත. චීනය සමග ගැටුම් ඇති කර ගැනීම නතර කරන ලෙසත්, කොරොනා වෛරසය පාලනය කිරීම පිළිබඳව චීනයෙන් ඉගෙන ගන්නා ලෙසත්, ඇමරිකාවේ ප්‍රකට විද්‍යාඥ William Haseltine මහතා සිය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අර්බුදයක් හමුවේ රජයක පරිපාලන හැකියාව කවර ආකාරයේ තිබෙන්නේ දැයි මැනවින් ප්‍රදර්ශනය කෙ‍රේ. කොරොනා වසංගතය ඇමරිකානු රජය විසින් දේශපාලනීකරණයට ලක් කිරීම හේතුවෙන් එරට ගෝලීය කොරොනා වසංගත කේන්ද්‍රස්ථානය බවට පත් ව ඇත. එහෙත් ඇමරිකාවේ දුෂ්කරතම අවධිය තවමත් පැමිණ නැතැයි එරට රෝග පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පසුගිය දා අනතුරු ඇඟවීමක් කර තිබේ. රජය මෙතෙක් ගෙන ඇති පියවර ඵලදායී නැති හෙයින් එළඹෙන සරත් සෘතුවේ වඩාත් බරපතල වසංගත තත්ත්වයකට මුහුණ දෙනු ඇති බව ඔහු පවසයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන