බලවත් නවීකරණ සමාජවාදී රටේ නගරවල ආකෘතියක් ලෙස ගොඩනැගෙන ෂෙන්චෙන් නගරය
2020-08-19 09:57:41
Share with:

නව කොරොනා වසංගතය හා සංකීර්ණ දෙස් විදෙස් පරිසරිය හමුවේ, චීනයේ ෂෙන්චෙන් නගරයේ මෙම වසරේ මුල් මාස 6 තුළ දළදේශීය නිෂ්පාදන වටිනාකම, ධනාත්මක මට්ටමක පැවතිණ. ඒ අනුව එම නගරය ඍණාත්මක වර්ධනයේ සිට ධනාත්මක වර්ධනයකට ළඟා වීමට සමත් වූ චීනයේ පළමු නගරවලින් එකක් විය.

ෂෙන්චෙන් නගරය, චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමී නගරයක් ලෙස හැඳින් විය හැකිය. විද්‍යාත්මක නිර්මාණශීලිත්වය සැමවිටම එහි ප්‍රධානතම සංවර්ධන සාධකයය. මේ අතර ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ගැඹුරට ගෙනයමින් වෙළඳපොලකරණ සංවර්ධනය, නෛතික පාලනය, ජාත්‍යන්තරකරණ ව්‍යාපාරික පරිසරය ගොඩනැගීම යනාදිය අතින් ද එම නගරය ප්‍රමුඛ ස්ථානවල පසු වේ.

ෂෙන්චෙන් නගරය, බුද්ධිමය දේපල සුරැකුම් ක්ෂේත්‍රයේ ලද ජයග්‍රහණ ද කැපී පෙනේ. ගුවාන්දොං පළාතේ පළමු වන වාණිජ රහස් ආරක්ෂක මූලස්ථානය සහ චීනයේ ප්‍රථම විදේශීය බුද්ධිමය දේපල ගැටළු නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය එහි ස්ථාපිත කර ඇත. ‘ෂෙන්චෙන් විශේෂ ආර්ථික කලාපීය බුද්ධිමය දේපල සුරැකුම් රීතියේ සංශෝධිතය’ ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි.

අනතුරුව ‍ගුවාන්දොං-හොංකොං-මැකව් මහ බොක්ක කලාපයේ සංවර්ධනය ප්‍රයෝජනයට ගනිමින් රෙගුලාසි මත විවෘත කිරීම වැදගත් කොට ගන්නා, වඩාත් ඉහල මට්ටමේ විවෘතභාවය ෂෙන්චෙන් නගරය මුළු මනින්ම ඉදිරියට මෙහෙයවා ඇත.

චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී ආදර්ශවත් කලාපයක් පිළිබඳ ඉලක්කය කරා ගමන් කරමින් බලවත් නවීකරණ සමාජවාදී රටේ නගරවල ආකෘතියක් ලෙස ගොඩනැගීම, ෂෙන්චෙන් නගරයේ සංවර්ධන ක්‍රියාමාර්ගයය. වඩාත් ප්‍රාණවත් ෂෙන්චෙන් නගරය මෙන් ලෝකයට වඩාත් වැඩි අවස්ථා එකතු කරන චීනය ලෝක වාසීන්ට දක්නට ලැබෙනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන