චීන මුදල් ඒකකයේ අන්තර් දේශසීමා භාවිතය වේගයෙන් වර්ධනය වෙයි
2020-08-17 17:01:29
Share with:

චීන මුදල් ඒකකයේ අන්තර් දේශසීමා භාවිතය වේගයෙන් වර්ධනය වෙයි

මෑතකදී චීන මධ්‍යම බැංකුව, " 2020 වසරේ චීන රෙන්මින්බි මුදල් ඒකකයේ ජාත්‍යන්තරකරණය පිළිබඳ වාර්තාව " නිකුත් කර තිබේ. එම වාර්තාව අනුව, පසුගිය වසරේ රෙන්මින්බි හි අන්තර් දේශසීමා භාවිතය වේගයෙන් වර්ධනය වී ඇත. මේ වසරේ මතු වූ කොරොනා වසංගතය ගෝලීය වෙළඳාම හා ආර්ථිකය අහිතකර බලපෑම්වලට ලක් කර ඇතත්, චීන මුදල් ඒකකයේ අන්තර් දේශසීමා භාවිතය පෙර සේ ම ස්ථාවර මට්ටමින් වර්ධනය වෙමින් පවතී. 2019 වසරේ චීනයේ මුදල් ඒකකයේ අන්තර් දේශසීමා අය හා වැය කිරීම්, චීන යුවාන් ට්‍රිලියන 19.67කි. එය 2018 වසරේ සමාන කාලයට වඩා 24.1%ක වර්ධනයකි. මෙය, වාර්තාගත වර්ධනයක් බව චීන මධ්‍යම බැංකුව නිකුත් කළ එම වාර්තාව පවසයි. ප්‍රධාන ජාත්‍යන්තර ගෙවීම් මුදල් ඒකක අතර චීන රෙන්මින්බි මුදල් ඒකකයට හිමි වන්නේ 5 වන ස්ථානයයි. 2019 වසර වන විට සෘජු ආයෝජන සහ සුරැකුම්පත් ආයෝජන සඳහා රෙන්මින්බි මුදල් ඒකකයේ අන්තර් දේශසීමා අය සහ වැය කිරීම් පිළිවෙලින් 4.5% සහ 49.1% කින් වැඩි වූ බව එම වාර්තාව සඳහන් කරයි. එමෙන් ම මේ වන විට විවිධ රටවල මහ බැංකු හෝ මූල්‍ය අධිකාරීන් 70 කට වැඩි සංඛ්‍යාවක් රෙන්මින්බි මුදල් ඒකකය සිය විදේශ විනිමය සංචිතවලට ඇතුළත් කර ඇත.

රෙන්මින්බි වත්කම්වල වැඩි වන ජනප්‍රියතාවය, චීනය විසින් අඛණ්ඩව මූල්‍ය විවෘතභාවය සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකේ. චීනයේ ප්‍රාග්ධන වෙළඳපොල නොකඩවා ම විදේශ රටවල් කෙරෙහි විවෘත කිරීමත් සමග චීනය කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාස වර්ධනය වී තිබේ.

කොරොනා වසංගතය හමුවේ චීන ආර්ථිකය ස්ථාවර අන්දමින් වර්ධනය වෙමින් පවතින අතර මූල්‍ය අවදානම් පාලනය කිරීමේ හැකියාව ද ශක්තිමත් වී තිබේ. මෙවන් තත්ත්වයක් යටතේ රෙන්මින්බි මුදල් ඒකකයේ ජාත්‍යන්තරකරණය, අන්තර්ජාතික වශයෙන් වඩාත් පිළිගැනීමට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන