මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් Mike Pompeo ගේ ඉල්ලීම ඉවත දමයි
2020-08-17 21:15:46
Share with:

මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් Mike Pompeo ගේ ඉල්ලීම ඉවත දමයි

පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo චෙක් ‍ජනරජය, ස්ලෝවේනියාව, ඔස්ට්‍රියාව හා පෝලන්තය යන රටවල් 4ක සංචාරය කර තිබේ. ඔහු සිය සංචාර අතරතුරේ චීන තර්ජනය ඉස්මතු කරමින් එම රටවල් චීනයෙන් දුරස් කිරීමට දැඩි වෑයමක් දැරීය. වෙ‍ළඳාම, 5G තාක්ෂණය හා බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් චීනය සමග සමීප සහ‍යෝගිතාවක් පවත්වමින් සිටී. මේ පිළිබඳ සිත්තැවුලට පත් ව සිටින Mike Pompeo හැකි පමණින් එම සහයෝගිතාවට බාධා කරන බව ඔහුගේ එම සංචාර තුළින් කැපී පෙනේ.

එහෙත් ඔහු‍ගේ අපේක්ෂාවට චෙක් ‍ජනරජය, ස්ලෝවේනියාව, ඔස්ට්‍රියාව හා පෝලන්තය යන රටවල් හතර අවනත වී නොමැත. අතීතයේ චීනය සහ මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් අතර භූ දේශපාලනික ගැටුම් නොමැති අතර වර්තමානයේ ද දෙපාර්ශ්වය අතර ප්‍රායෝගික ප්‍රතිලාභ පිළිබඳ ගැටුම් නොමැත. 2012 වසරේ චීන- මධ්‍යම හා නැගෙනහිර යුරෝපා සහ‍යෝගිතා යාන්ත්‍රණය ස්ථාපිත කර මේ දක්වා ද්විපාර්ශ්වික වෙළඳාමේ වර්ධනය 50%කට ළඟා වී තිබේ. චීනය මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් සමග සහයෝගයෙන් ඉදි කළ ව්‍යාපෘති රැසක් එම රටවල ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. ‍

ගෝලීය ආර්ථිකය මන්දගාමී ව පවතින වත්මන් කාලයේ චීනය වැනි විශ්වසනීය හවුල්කරුවෙකු අහිමි කර ගැනීමට කිසිදු මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටක් කැමති නැත. චීනය සතුරෙකු නොව හවුල්කරුවෙකු බව එම රටවල පොදු පිළිගැනීම ය. Mike Pompeo සිය සංචාර තුළින්, චීනයට එරෙහිව සීතල යුධ සංකල්පය සහිත සන්ධානයක් ගොඩ නැගීමට දැරූ වෑයම සාක්ෂාත් කර ගත නොහැකි වූයේ එබැවිනි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන