චීනය තවදුරටත් ගෝලීය ව්‍යවසායන් සඳහා ආයෝජනය කිරීමට උණුසුම් ස්ථානයකි
2020-08-16 15:31:33
Share with:

චීනය තවදුරටත් ගෝලීය ව්‍යවසායන් සඳහා ආයෝජනය කිරීමට උණුසුම් ස්ථානයකි

බුද්ධිමත් විදේශීය සමාගම් චීනයෙන් ඉවත් නොවනු ඇත

ඇතැම් ඇමරිකා දේශපාලනඥයන් චීනයෙන් ඉවත් වීමට ඇමරිකානු සමාගම් දිරිමත් කර ඇතත්, ඇමරිකා චීන ජාතික වෙළඳ කොමිෂන් සභාව විසින් මෑතකදී නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්නුම් කෙරෙන්නේ සමීක්ෂණයට ලක් කළ ඇමරිකා ව්‍යවසායන්ගෙන් 83% ක්ම චීනය තමන්ගේ ගෝලීය උපාය මාර්ගවල වඩාත්ම වැදගත් හෝ ඔවුන්ගේ හොඳම වෙළඳපල පහෙන් එකක් ලෙසට සලකන බවයි. සමීක්ෂණයට ලක් කළ ව්‍යවසායන්ගෙන් 75% ක් කියා සිටියේ චීන ව්‍යාපාර සඳහා ඔවුන්ගේ සම්පත් ආයෝජනය නොවෙනස්ව පවත්වා ගෙන යන අතර ඉදිරි වර්ෂයේදී එය ඉහළ යනු ඇති බවයි. චීන වාණිජ කටයුතු අමාත්‍ය ෂොං ෂාන් මෑතකදී චීන මධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, “බුද්ධිමත් විදේශීය ව්‍යාපාරිකයන් කිසි විටෙකත් චීන වෙළඳපොළ අත් නොහරිනු ඇත” යනුවෙනි.

දත්ත මාලාවක් මගින් චීනයේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ චීනයේ වෙළඳපොළෙහි ආකර්ශනීය බව සනාථ වේ. ජූලි මාසයේදී, චීනය පුරා භාවිත කළ සැබෑ විදේශ ප්‍රාග්ධන ප්‍රමාණය යුවාන් බිලියන 63.47 ක් වූ අතර එය ගිය වසරට වඩා 15.8% ක වර්ධනයකි. මේ වසරේ මුල් මාස හත තුළ සමස්තයක් ලෙස චීනය භාවිත කළ විදේශ ප්‍රාග්ධන වටිනාකම යුවාන් බිලියන 535.65 ක් වූ අතර එය 0.5% ක වැඩිවීමකි; චීනයේ දී විදේශ ව්‍යාපාර 18838ක් අලුතින් ස්ථාපිත කර ඇති අතර විදේශීය අරමුදල් සපයන ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් වේගවත් කර ඇත. Exxon Mobil, BMW, TOYOTA සහ INVISTA වැනි බොහෝ බහුජාතික සමාගම් චීනයේ ආයෝජනය වැඩි කරමින් සිටී.මෙම දත්ත මගින් චීන වෙළඳපල තුළ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය අඩු නොවීම පමණක් නොව ඇමරිකානු දේශපාලනඥයින් විසින් යෝජනා කරන ලද "විසන්ධි කිරීමේ" වැරදි වැටහීමට ප්‍රබල ප්‍රතිචාරයකි

නව කොරොනා වසංගතය ගෝලීය ආයෝජනයට බරපතල අභියෝගයකි. විදේශ ආයෝජන චීනයෙන් ඉවත් වීම වාණිජ නීතිවලට අනුකූල නොවේ. චීනයේ ආයෝජනය කිරීම වඩාත් ශක්තිමත් කිරීම බුද්ධිමත් තේරීමකි.

වසරේ දෙවන භාගයේදී චීනය විවෘත කිරීම හා පරිසරය වැඩිදියුණු කිරීම, විදේශ ප්‍රාග්ධනය ස්ථාවර කිරීම සහ විදේශ ප්‍රාග්ධනයේ වැඩිවීම පුළුල් කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ දරනු ඇතැයි පුරෝකථනය කළ හැකිය. දිගුකාලීනව, විදේශ ආයෝජන ආකර්ශණය ගැනීමේදී චීනයේ පුළුල් තරඟකාරී වාසිය ශක්තිමත් වන අතර බහුජාතික සමාගම් චීනයේ ආයෝජනය කිරීම කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. චීනය තවමත් ගෝලීය ව්‍යවසායන් සඳහා ආයෝජනය කිරීමට උණුසුම් ස්ථානයක් වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන