ගෝලීය කාර්මික දාමයට හිතකර චීන විදේශ වෙළඳාම් ස්ථාවරත්වය
2020-08-15 16:06:40
Share with:

ගෝලීය කාර්මික දාමයට හිතකර චීන විදේශ වෙළඳාම් ස්ථාවරත්වය

චීනයේ විදේශ වෙළඳාම වඩාත් ස්ථාවරවීමෙන් ගෝලීය කාර්මික දාමය වඩාත් සුමට වේ

මේ වන විට චීනය හා ජර්මනිය අතර වෙළඳාම වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. සෑම සතියකම චීන යුරෝපා සංගම් දුම්රිය 45-60ක් ඩුයිස්බර්ග් සහ චීනය අතර ධාවනය කෙරේ. මෙය වාර්තාගත අංකයක් යැයි මෑතකදී ස්පාඤ්ඤ පුවත්පතක් වන Le Nationale ජර්මනියේ ඩුයිස්බර්ග් හි මූල්‍ය අධ්‍යක්ෂ මාටින් මුරාක් ‍ගේ කතාවක් උපුටා දක්වමින් වාර්තා කළේය. නව කොරොන වෛරස යටතේ, යුරේසියානු මහාද්වීපය පුරා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පරිමාණ වැඩි විය. මෙය ගෝලීය කාර්මික දාමයේ සුමට ක්‍රියාකාරිත්වයට උපකාරී වන චීනයේ විදේශ වෙළඳාමේ සාරාංශයකි.

කොරෝනා වසංගතය ගෝලීය වෙළඳාමේ ප්‍රධාන කම්පනය වී ඇති නමුත් චීනයේ විදේශ වෙළඳාමේ සමස්ත ක්‍රියාකාරිත්වය වෙළඳපල අපේක්ෂාවන් පිළිබද අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ගෝලීය ආර්ථිකයන්ට වඩා හොඳ මට්ටමක පවතී. දත්ත වලට අනුව, චීනයේ විදේශ වෙළඳ අපනයන අඛණ්ඩව මාස හතරක් පුරා වර්ධන වේගයක් පවත්වා ගෙන ගිය අතර, ජූලි මාසයේදී පළමු වරට ද්විත්ව සංඛ්‍යංක වර්ධනයක් පෙන්නුම් කළේය. ලෝක ආර්ථිකයේ ගැඹුරු අවපාත පසුබිමට හා වෙළඳපල ඉල්ලුමට ඇති බලපෑමට එරෙහිව මෙය තරමක් දුෂ්කර වන අතර එය චීන ආර්ථිකයේ ප්‍රබල ඔරොත්තු දීමේ හැකියාව මුළුමනින්ම පෙන්නුම් කරයි.

චීනයේ ආනයන හා අපනයන අඛණ්ඩව වැඩිදියුණු කිරීම ගෝලීය කාර්මික දාම සැපයුමේ ස්ථාවරත්වයට ප්‍රධාන ධනාත්මක සාධකයකි. මැකින්සි ග්ලෝබල් ආයතනයට අනුව, රටවල් 65 ක් සඳහා විශාලතම ආනයන ප්‍රභවය චීනය වන අතර රටවල් 33 ක් සඳහා විශාලතම අපනයන ගමනාන්තය වේ.

චීනය ගෝලීය ආර්ථික වර්ධනය සඳහා වන සිය නිරන්තර වගකීම පිළිබිඹු කරමින්, තමාට පමණක් නොව, ලෝකයට ද මූලික විදේශ වෙළඳ වෙළෙඳපොළ ස්ථාවර කිරීමට සෑම උත්සාහයක්ම ගෙන තිබේ. චීනය විදේශ වෙළඳාම ස්ථාවර කිරීම සඳහා පියවර මාලාවක් ගෙන ඇති අතර ඉන් කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන තිබේ. එය ගෝලීය කාර්මික දාම සැපයුමේ ස්ථාවර ක්‍රියාකාරිත්වයට දායක වනවා පමණක් නොව, දුෂ්කරතාවට මුහුණ දී සිටින ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ද ඉවහල් වේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන