ඇමරිකානු තීරණ ගැනීමේ යාන්ත්‍රණයේ අසාර්ථකත්වය පිළිබිඹු කරන තවත් අවස්ථාවක්
2020-08-15 17:23:54
Share with:

ඇමරිකානු තීරණ ගැනීමේ යාන්ත්‍රණයේ අසාර්ථකත්වය පිළිබිඹු කරන තවත් අවස්ථාවක්

පීටර් නවරෝගේ විකාරත්වය ඇමරිකානු තීරණ ගැනීමේ යාන්ත්‍රණයේ අසාර්ථකත්වය පිළිබිඹු කරයි

මෑතකදී ෆොක්ස් නිව්ස් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධවල මන්දිරයේ ජාතික වෙළඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පීටර් නවරෝ කියා සිටියේ වසංගත තත්ත්වය සහ ඇමරිකානුවන් තමන්ගේම ජනතාව කෙරෙහි ඇති කෝපය හේතුවෙන් ඇමරිකානු සමාජය බෙදීම නිසා තමා “ව්‍යාකූලත්වයට” පත්ව ඇති බවයි. ඇමරිකාව සිය සියළුම නිෂේධනාත්මක හැඟීම් චීනයට මාරු කළහොත් ඇමරිකාවට නව කොරොනා වසංගතයෙන් වඩාත් ඉක්මණින් සුවය ලබා ගත හැකි වනු ඇතැයි පැවසීමට ඔහු ස්ථාවර “දිව්‍ය තර්කන” විශ්ලේෂණයක් භාවිත කළේය. ෆෙඩරල් රජය වසංගතයට එරෙහිව සටන් කිරීමට අපොහොසත් වීමේ වගකීම පැහැර හැරීම සඳහා, පීටර් නවරෝ ව්‍යාකූලත්වයට පත්ව ඇත.

වසංගතය පැතිර ගිය දා සිට පීටර් නවරෝ චීනය අපකීර්තියට පත් කිරීම සඳහා කටකතා ගොතන පුද්ගලයකි. මෙම සම්මුඛ සාකච්ඡාවේදී ෆොක්ස් නිව්ස් නාළිකාව වෙත යළිත් වරක් කියා සිටියේ “ වෛරසය නිපදවා සැඟවුණු චීනය ගෝලීය වෛද්‍ය ආරක්ෂණ උපකරණ සියල්ලම මිල දී ගත්”බවයි. පීටර් නවරෝ ගේ ප්‍රකාශ ගැන "නූගත් අය අනුන්ට දොස් පැවරීමට කැමතියි" යැයි චෝදනා කරමින් ඇමරිකානු සමාජ ජාල වෙබ් අඩවි වල ලිපි පළ කර ඇති අතර සාක්ෂි ලබා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටී. ඇමරිකාවේ මෙතරම් සිද්ධීන් පවතින්නේ මන්දැයි ඇතැම් අන්තර්ජාල පරිශීලකයන් සමච්චල් කළ නමුත් පීටර් නවරෝ තවමත් ඇමරිකානු ආණ්ඩුවේ නොහැකියාව සම්බන්ධයෙන් චීනයට දොස් පවරමින් සිටී.

පීටර් නවරෝගේ විකාර ක්‍රියාකාරිත්වය යළිත් වරක් පෙන්නුම් කරන්නේ ඇමරිකාවේ තීරණ ගැනීමේ යාන්ත්‍රණය තවමත් වැරදි මාවතක ක්‍රියාත්මක වන අතර වසංගතයට මුහුණ දීමට අපොහොසත් වන බවයි. ලෝකයේ එකම සුපිරි බලවතා ලෙස හදුන්වා ගන්නා ඇමරිකාව වසංගත වැළැක්වීම සහ පාලනය සඳහා ආර්ථික හා සමාජීය පදනම ඇත. කෙසේ වෙතත්, තීරණ ගැනීමේ මට්ටමේ සාමූහික අපගමනය හේතුවෙන් ඇමරිකානු ජනතාව විශාල මිලක් ගෙවා ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන